පසුගිය මැයි 13 දිනයේ නාත්තන්ඩිය හා අවට ප්රදේශවල මුස්ලිම් ජනයාට එරෙහිව භිෂණය දියත්කරමින් ජිවිතයක් බිලිගත් වර්ගවාදි මෙහෙයුමට නායකත්වය දුන්න බවට සැක කරනු ලබන නාත්තන්ඩිය පොහොට්ටු ප්රාදේශිය සභා මන්ත්රි උපුල් හේරත් නැමැත්තා ඊයේ අධිකරණයට භාරවිමේන පසු අත්අඩංගුවට ගෙන අගෝස්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල දිසා විනිසුරු හා මහේස්ත්රාත් සිරිමෙවන් මහේන්ද්රරාජා ඊයේ (24) නියෝග කර ඇත.
මෙම ජාතිවාදි මෙහෙයුම් වලට සැකකරුවෙක් ලෙසින් අදාල මන්ත්රිවරයා අත්අඩංගුවට ගැනිමට කටයුුතු සුදානම් වෙද්දි රටින් බැහැරව ගොස් සිටියේය
නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව තම නීතිඥයින් මගින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට සැකකාර මන්ත්රිවරයා කටයුතු කර තිබුණි.
පාස්කු ප්රහාරයෙන් පසුව මාරවිල අධිකරණ බල ප්රදේශයට අයත් තුම්මෝදර, කොට්ටරාමුල්ල සහ මොරකැලේ යන ප්රදේශවල සිදුවීම් 27 ක් සම්බන්ධයෙන් තමන්ට වාර්තා වී ඇති බවත්, මෙම සිදුවීම්වලදී මිනිස් ඝාතනයක්, නිවාස ගිනි තැබීම් ,දේපළවලට හානි සිදු කිරීම්ද වාර්තා වී තිබේ..පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි කොස්වත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිහාල් රංජිත් කියා සිටියේ සැකකරු මැයි මස 13 වැනිදා සිදුවූ සිදුවීම්වලට නායකත්වය දුන් බවට පොලීසිය සතුව තොරතුරු ඇති බවයි. එම ගැටුම් මැඩ පැවැත්වීම සඳහා අතිරේක පොලිස් කණ්ඩායම්වලට අමතරව යුධ හමුදාව සහ නාවික හමුදාව කැඳවීමටද සිදුවූ බවද උප පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය