දැදුරුඔයේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලී මිය ගොස් තිබේ. පසුගිය 29 වැනිදා තම පවුලේ අය සහ ඥාතීන් සහ මිමිය ගොස් ඇත්තේ කුරුණෑගල – ඉඹුල්ගොඩ කන්ද පදිංචිව සිටි අනුර දිසානායක (අවු:50) නම් වූ දෙදෙරු පියෙකි.ය ගොස් ඇති අය හලාවත – මුන්නේෂ්වරම දේවාලයට පැමිණ ඇත.අනතුරුව පිරිස දිය නෑම සදහා දැදුරුඔයට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇත.
දැදුරුඔයේ ගිලී ගිය අයගේ සිරුර 30 වැනිදා පෙරවරුවේ පොලිස් කිමිදුම් කරුවන් විසින් සොයා ගන්නා ලදි.මුන්නේෂ්වරම හදිසි මරණ පරීක්ෂක ආනන්ද වික්රමනායක මහතා විසින් මූලික විමර්ශණය සිදු කිරීමෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත මහා රෝහලට රැගෙන යන ලදි.
දැදුරුඔයේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් සිදුවී ඇති 50 දෙනෙකුගේ පමණ හදිසි මරණ පරීක්ෂණ තමන් විසින් පවත්වා ඇති බවත්,අනතුරු දායක බව සදහන් කරමින් පුවරු සවි කර තිබියදී අවවාද නොතකා දිය නෑමට යාම නිසා මෙවැනි මරණ සිදු වන බවද හදිසි මරණ පරීක්ෂකවරයා මෙහිදී කියා සිටියේය.
ජූඩ් සමන්ත