මුන්නේශ්වරම සොහොන් කාලි කෝවිලේ තබා තිබු මිල කළ නොහැකි වටිනාකමක් ඇති බව කියන වාලම්පුරි දෙකක් 17 දා කෝවිලට රහසේ ඇතුළු වු දෙනෙකු විසින් සොරා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලද බව හලාවත පොලිසිය කියයිග මෙම දේවාලයේ හිමිකාරිත්වය දරණ බව කියන හලාවත සිංහපුර පාරේ පදිංචි ජයසේකර ආරච්චිගේ නීලංකා ප්රේමණි : 40 -මහත්මිය විසින් පොලිසියට කර ඇති පැමිනිල්ලක් අනුව මෙම වාලම්පුරි දෙක වීදුරු පෙට්ටියක තැන්පත් කර දේවාලය තුළ තිබු බවත් පසුගිය 17 දා අළුයම 2 ට පමණ රහසේ ඇතුළු වු දෙදෙනෙකු එම වාලම්පුරි දෙක සොරා ගෙන යනු කෝවිලේ තිබු සිසිටිවි දර්ශණ අනුව පැහැදිලිවු බවත් කියයිග එහි වටිනාකම මිල කළ නොහැකි බවත් කියයි. මෙම කෝවිලේ හිමිකරු ඉකුත් මාර්තු මස හදිසියේ හෘදාබාධයක් වැළදි හදිසියේ මිය ගිය අතර පසුව කෝවිල වසා දමා තිබි මෙයට සතියකට පමණ කලින් මහජනතාවගේ වැදුම් පිදුම් කටයුතු පිණිස විවෘත කර තිබු බවත් කියයි. මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් මේ දක්වා හෙළි වී නැතගහලාවත පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරයි.
ඔගස්ටින් ප්රනාන්දු./ හලාවත