Sunday, January 19, 2025

මුදල් වියදම් කරන්න වයඹ පළාත් සභාව අකැමැතිවීමෙන් ජලභීතිකා දින ජාතික උත්සවය හබක් !

Must read

World_Rabies_Day-Logoවයඹ පළාත් සභාව විසින් මුදල් වෙන්කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා පසුගිය 28 වැනිදා කුරුණෑගල දිස්ත‍්‍රික්කය කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට සූදානම් කර තිබූ ලෝක ජලභීතිකා දින සැමැරුම් ජාතික උත්සවය අවලංගු කර දැමීමට සිදු වූ බව වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි.

සැප්තැම්බර් 28 වැනි දින කුරුණෑගලදී පැවැත්වීමට සැලසුම්කර තිබූ මෙම උත්සවයේදී සිවිල් සංවිධාන නියෝජිතයින්, පාසල් සිසු සිසුවියන්, රාජ්‍ය සේවකයින් , මාධ්‍යවේදීන් සහ මහජනතාවද ජලභීතිකා රෝගයෙන් ආරක්ෂාවීම පිළිබදව දනුම්වත්කිරීමට සැලසුම් කර තිබූ බවද වාර්තා වෙයි.

මෙම වසරේ මුල් මාස නවය තුළදී පමණක් ජලභීතිකාව වැළදීම නිසා දිවයින පුරා පුද්ගලයින් 18 දෙනෙකු මරණයට පත් වී ඇති අතර එම මරණවලින් හතරෙන් එකක් හෙවත් මරණ පහක්ම වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන්වීම හේතුකොටගෙන අදාල උත්සවය කුරුණෑගල දිස්ත‍්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පවත්වන ලෙසට කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරය වෙතින් ඉල්ලීමක් කර තිබේ. අදාළ ඉල්ලීමට ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ එකගත්වය ලැබී ඇති අතර අදාළ උත්සවයේ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක්ද එම ව්‍යාපාරය විසින් අනුමත කර තිබේ. කෙසේවෙතත් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයෙහි ලේකම්වරුන් අවස්ථා කිහිපයකදීම මාරුවීම නිසා ඇති වී තිබෙන පරිපාලනමය ගැටඵ හේතුවෙන් අදාළ උත්සවය වෙනුවෙන් පසුව පියවීමේ පදනම මත රුපියල් ලක්ෂ තුනක මුදලක් වයඹ පළාත් සභාවේ මුදලින් වැය කරන්නැයි ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරය විසින් සැප්තැම්බර් 23 වැනිදා වයඹ පළාත් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. අදාල මුදල වෙන්කිරීම සදහා කාලය ප‍්‍රමාණවත් නොවන බව පවසමින් වයඹ පළාත් සභාව විසින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා අදාළ උත්සවය අවලංගු කිරීමට එහි සංවිධායකයින්ට සිදු වූ බවවයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ පිළිබදව කුරුණෑගල කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ අදාල උත්සවය සංවිධානය කර තිබූ සැප්තැම්බර් 28 වැනිදාට පෙර යෙදුණු සති අන්තය රජයේ නිවාඩු සහිත දීර්ඝ සති අන්තයක්වීම සහ ඒ වන විට තමාට ස්ථාන මාරුවක් ලැබී තිබීම වැනි ප‍්‍රායෝගික ගැටඵ ගනණාවක් හේතුවෙන් අදාල මුදල පළාත් සභාවෙන් වෙන් කරවාගැනීමට කාලය ප‍්‍රමාණවත් නොවූ බවයි. අදාළ මුදල වෙන්කරවාගැනීමට කාලය ප‍්‍රමාණවත් නොවුණා මිස මුදල් ලබාදීම පළාත් සභාව විසින් ප‍්‍රතික්ෂේප නොකළ බවද හෙතෙම පැවසීය. කෙසේවෙතත් අදාළ උත්සවය අවලංගුවීම කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක කෙරෙන ජලභීතිකා රෝග නිවාරණ වැඩසටහන්වලට කිසිදු බාධාවක් නොවන බවද, ජලභීතිකා මරණ වැඩි වශයෙන් වාර්තා වූ බිංගිරිය, ඉබ්බාගමුව වැනි ප‍්‍රදේශවල විශේෂ නිවාරණ වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් පවතින බවද හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article