Sunday, January 19, 2025

” මුදල් වලට පක්ෂ මාරුකරන අපේක්ෂකයින්ගෙන් තොර පාර්ලිමේන්තුවක් නව ජනාධිපතිවරයා යටතේ බිහිවෙනවා ” – හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

Must read

z_p09-Crossovers-uමුදල් වලට පක්ෂය පාවා දීලා එතනින් මෙතෙන්ටයි මෙතනින් එතෙන්ටයි මාරුවෙන අපේක්ෂකයන්ගෙන් තොර ප්‍රතිපත්තිමය මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් ජනාධිපතිතුමාගේ සංකල්පය මත බිහිවෙනවා යැයි හිටපු අමාත්‍ය කුරුණෑගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පවසයි.අමාත්‍යවරයා එසේ පැවසුයේ 2020- 02-04 කුරුණෑගල ඉඳුල්ගොඩකන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
” වර්ථමාන දේශපාලනය දිහා බලපුවාම අපේ රටේ විවිධ දේශපාලඥයන් ප්‍රතිපත්තිමය දේශපාලනයෙන් ඉවතට ගිහින් තිබුනේ. තමන්ගේ පෞද්ගලික වාසියට ඒ පැත්තටයි මේ පැත්තටයි මාරුවෙමින් තමයි දේශපාලනය කරේ. මිත්‍රවරුනි මම කියන්න කැමතියි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බොහොම ඍජු තීරණ ගන්න පුද්ගලයෙක්. එතුමාගේ නව සංකල්පය අනුව නොයෙක් ආකාරයේ සිහින මවාගෙන ඉන්න සමහර අපේක්ෂකයන්ට සෙල්ලම්කරන්න හම්බෙන්නේ නෑ. අන්තිම තීරණය වෙන්නේ ගරු ජනාධිපතිතුමාගේ තීරණයයි. ඒ නිසා ඉදිරි මැතිවරණයේදී  මුදල් වලට පක්ෂය පාවා දීලා එතනින් මෙතෙන්ටයි මෙතනින් එතෙන්ටයි මාරුවෙන අපේක්ෂකයන්ගෙන් තොර ප්‍රතිපත්තිමය මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක් ජනාධිපතිතුමාගේ සංකල්පය මත බිහිවෙනවා. අපි දකිනවා අද මැතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවෙන් සිටින සමහර අපේක්ෂකයන් මේ උගත් බුද්ධිමත් කම ගැන වැඩිපුර කතාකරනවා. වැඩියෙන් කතාකරත් අඩුවෙන් කතාකරත් ජනාධිපතිතුමා සුදුසු කෙනා කවුද කියලා සියළු තීන්දු තීරණ ගනියි.විශේෂයෙන් තමුන්නාන්සේලා දන්නවා මේ ඉඳුල්ගොඩකන්ද ප්‍රදේශය  අතීතයේ බොහොම දුෂ්කරතා තිබුණු ප්‍රදේශයක්.
පසුගිය ආණ්ඩුවෙන් ෆ්‍රී වයි ෆයි මුළු රට පුරාම දෙනවා කිව්වට තාම මේ ප්‍රදේශයට ජංගම දුරකථනයකට සිග්නල් එන්නෙත් බොහොම අඩුවෙන්. ඒ නිසා  ගමින් ගමට මේ දුෂ්කරතා මගහරිමින් ලංකාව  සියලු පහසුකම් සහිත අසිරිමත් දේශයක් බවට පත්කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ අපි කටයුතු කරන බව කියන්න කැමතියි.”
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
” පාර්ලිමෙන්තුවට  අළුත් මුහුණු එක්වෙන එක හොඳයි. එතකොට අත්දැකීම් තියන අපිට ඔවුන් සමග ජනාධිපතිතුමාගේ නව සංකල්පයන් ක්‍රියාත්මක කරන්න ලේසියි. උගත් බුද්ධිමත් අය වගේම පාසල් ගිහින්, දහම් පාසල් ගිහින් සමාජයේ සාරධර්ම ඉගෙනගෙන පරිපූර්ණවූ අපේක්ෂකයන්ට පාර්ලිමේන්තු වරම් හිමිකරදීම නිසා අනාගතයේදී දූෂණය භීෂණය සහ හොරකම කියනදේ නැත්තටම නැතිවෙලා යාවි. විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළත් බුද්ධිමත් දේශපාලන ප්‍රජාවක් ඇතිකිරීමේ සංකල්පයට අපි සහයෝගය දිය යුතුයි. ඒ වෙනුවෙන් බුද්ධිමත් තමුන්නාන්සේලා නියම විදියට කටයුතු කරන්න. ”
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article