කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට තරග කළ මැති ඇමැතිවරුන් සිව්දෙනෙකු පරාජයට පත් වූහ.
ජනමාධ්‍ය හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර , උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හිටපු කැබිනට් අමාත්‍ය ජයරත්න හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් විජේසිංහ සහ ආර්. ඩී. විමලදාස යන මහත්වරුන් මෙලෙස මැතිවරණයෙන් පරාජයට පත් වූහ.
මීට අමතරව මැති ඇමැතිධූරයන් හෙබ වූ අය මෙන්ම මැති ඇමැතිවරුන්ට ඥාතීත්වය දක්වන අපේක්ෂක අපෙක්ෂිකාවන් කිහිපදෙනෙකුම මැතිවරණයෙන් පරාජයට පත් වී සිටිති.
හිටපු අමාත්‍ය, අභාවප්‍රාප්ත නෙරංජන් වික්‍රමසිංහ මහතාගේ බිරිය වන දර්ශනී වික්‍රමසිංහ මහත්මිය මෙන්ම වයඹ පළාත් අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාගේ දියණිය වූ සුජානි මහේෂිකා මහත්මියද මෙම මැතිවරණයෙන් පරාජයට පත් වූහ.
වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන අතුල විජේසිංහ මහතා මෙන්ම වත්මන් වයඹ පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය හොබවන ඩී. බී. හේරත් මහතාද මැතිවරණයෙන් පරාජයට පත් වී සිටිති.
මැතිවරණයෙන් පරාජයට පත් වූ මැති ඇමැතිවරුන් සියඵ දෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අයවලුන් වන අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු මැති ඇමැතිවරුන් කිසිවෙකුත් මැතිවරණයෙන් පරාජයට පත් වී නොමැත.