Tuesday, December 3, 2024

මැතිවරණ අපේක්ෂකයෙකු වන වෙන්නප්පුව හිටපු ප්‍රා. සභාපති සංවර්ධන වැඩ වලට එන්නේ කොහොමද?

Must read

හිටපු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරා මහතා මෙවර මහා මැතිවරණය⁣ට සර්ව ජන බලය පක්ෂයෙන්, පුත්තලම් දිස්ත්‍රික්කයට තරග  කරයි. එලෙස මහා මැතිවරණයට , අපේක්ෂකයෙකු ලෙස පිළිගත් දේශපාලන පක්ෂයකින් තරග කරන ඔහු මැතිවරණ නීති රිති දැඩි ලෙස උල්ලංඝනය කරමින් සිටී. එයට හේතු වන්නේ මහා මැතිවරණයට  තරඟ කරන කිසිදු අපේක්ෂකයකුට රජයෙන් හෝ ප්‍රාදේශීය සභාවක් වැනි පළාත් පාලන ආයතනයක් මගින් සිදු කරනු ලබන පොදු වැඩ කටයුතු වලට සහභාගි වී ඒවා ප්‍රසිද්ධ කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. එහෙත් ඔහු ඔහුගේ ෆේස්බුක් පිටුවේ පසුගිය දිනයකදී පළ කර තිබුණේ
“”ලුණුවිල මංසන්ධියේ   එක් රැස්වන වැසි ජලය සේවියර් මාවත හරහා මුහුදට ගලා බැස්සවීමට කානු පද්ධතිය සෑදීමේ වැඩ කට යුතු අවසන් අදියරේ””  බවයි.
           මෙලෙස පල කරමින් ඔහු වැඩ කරමින් සිටින කම්කරුවන්  කිහිප දෙනෙකු සමග පෙනී සිටින ඡායාරූප කීපයක්ද එම ෆේස්බුක් පිටුවේ පලකර තිබිණි.
                     ඔහුගේ පේස්බුක් පිටුවේ පළකර ඇති මේ විස්තරය සහ ඡායාරූප ඔහුව මේ මැතිවරණය වෙනුවෙන් ප්‍රවර්ධනය කරන අවස්ථාවක් ලෙසද හැඳින්විය හැක. මෙවැනි සිද්ධි මැතිවරණයට පෙනී සිටින අපේක්ෂකයකුට සිය ඡන්ද දායකයන්ගෙන් ඡන්ද ලබා ගැනීමට හෝ එම ඡන්දදායකයන් නොමඟ යැවීමට සෘජු හෝ වක්‍ර ලෙස බලපාන්නා වූ සිද්ධියක් ලෙස ද හඳුන්වා දිය හැක.
            අප කවුරුත් දන්නා පරිදි ඔහු වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් නියමිත කාලය ඉක්මගිය පසු එම ප්‍රාදේශීය සභා ඇතුළු අනිකුත් පළාත් පාලන ආයතනවල බලය කොමසාරිස්වරුන්ට සහ ලේකම්වරුන්ට  පැවරිණි.
.ඒ අනුව වර්තමානයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව පාලනය වන්නේද එහි ලේකම්වරයා විසිනි. එහෙත් ප්‍රාදේශීය සභාවෙන් සිදුවන රාජකාරී කටයුතුවලට මැතිවරණයකට ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රබර්ධනය වීම තහනම් ක්‍රියාවකි.
             එසේනම් වෙන්නප්පුව ප්‍රාදේශීය සහා⁣වේ හිටපු සභාපතිවරයාද මහා මැතිවරණය අභිමුඛව මැතිවරණ නීති රිති අමු අමුවේ උල්ලංඝනය කිරීමක්  සිදුකර ඇත. මේ පිළිබඳව වෙන්නප්පුව ප්‍රදේශයේ බොහෝ දෙනෙකු පසුගිය දිනවල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා විසින් සිදුකර මේ අනීතික ක්‍රියාව පිළිබඳව  දැඩි ලෙස විවේචනය කර තිබුනි

        මේ සම්බන්ධයෙන් විමසීමට අප මැතිවරණ කොමිෂන් සභාවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරිනියක සම්බන්ධ කර ගත්තෙමු. එහිදී එම  නිලධාරණිය කියා සිටියේ මෙය බැලූ බැල්මටම මැතිවරණ නීති උල්ලංඝනය කීරිමක්  බවයි. ඒ අනුව යම් අයෙකු ලිඛිතබ පැමිණිල්ලක් සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමෙන් මෙම සිද්ධිය සම්බන්ධව මැතිවරණ නීති රීති අනුව කටයුතු කළ හැකි බවයි. ඒ අනුවයි වැඩිදුරටත් ඇය කියා සිටියේ මෙය මැතිවරණයක් අරභයා කරන ලද නීති විරෝධී ක්‍රියාවක් ලෙස ඔප්පු වුවහොත්ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් අධිකරණය  හරහා  දඬුවම් පවා ලබාදීමට හැකියාව පවතින බවයි . 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article