(15.41pm) ප්‍රසිද්ධ කුකුල් මස් නිෂ්පාදන ආයතනයක් වන මැක්සි හවුස් ආයතනයේ ප්‍රධාන ආයතනය පිහිටා තිබෙන්නේ වෙන්නප්පුව කොස්ගස් හන්දිය ප්‍රෙද්ශයේයි. මෙම මැක්සි හවුස් ආයතනය විසින් වෙන්නප්පුව ගංගොඩැල්ල නම් ප්‍රෙද්ශයයේ කුඹුරු යායකට සහ ගිංඔයට ආසන්න ඉඩමක් මිළදී ගෙන යම් ඉදිකිරීමක් කරන්නට දැරූ උත්සාහයක් හලාවත ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලය විසින් නීති මාර්ගයෙන් වලක්වන ලදී. නමුත් මෙම ස්ථානයට මැක්සි හවුස් ආයතනයට අයත් විශාල වාහන යන බවත් එවායින් මෙම අපද්‍රව්‍ය එම ස්ථානයට ප්‍රවාහනය කරන බවත් ඔවුන් පවසයි.
මෑත කාලයේදී මෙම භූමියේ විශාල වලවල් හෑරූ බවත් එම වලවල් හාරා මෙම අපද්‍රව්‍ය පොළොවේ ගැඹුරු කොටසක තැන්පත් කරන බවත් ප්‍රෙද්ශවාසීන් සැක පහල කරයි. එසේ නොමැති නම් මෙම ස්ථානයට වාහන වලින් ප්‍රවාහනය කරන්නේ කුමක්ද , එවායින් ගෙන යන දේ වලට සිදුවන්නේ කුමක්ද යන්න ගැන ප්‍රෙද්ශවාසීන් ප්‍රශ්න කරයි. මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ පරිසර අංශය හෝ ප්‍රාෙද්ශීය ලේකම්වරියට මේ වන තෙක් ගතහැකිවී ඇති ක්‍රියාමාර්ගයක් නොමැත. මෙම ස්ථානය කුඹුරු සහ තෙත්බිමක් වන නිසා ගොවිජන කොමසාරිස් කාර්යාලය විසින් මැක්සි හවුස් ආයතනයට බඩු පැවරීමක් සිදුකර මෙම ක්‍රියාමාර්ගයට තහනමක් පනවන ලදි. ඉන් පසුව මැක්සි හවුස් ආයතනය විසින් ගොවිජන සේවා කොමසාරිස්වරයා ඇතළු තවත් නිලධාරීන් වගඋත්තකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධීකරණයේ රිට් ආඥාවක් නිකුත්කරන ලදි. මෙම අධිකරණමය කටයුතු තවමත් අවසන් වී නොමැති අතර මෙම භූමියේ මැක්ෂි හවුස් ආයතනය විසින් පරිහරණය කරයි. ඔවුන්ගේ කුකුල්මස් නිෂ්පාදනාගාරයේ ඉවතලන අප්‍රද්‍රව්‍ය මෙම ඉඩමේ භූගත කොටසකට මුදාහරින බව ප්‍රෙද්ශවාසීන් පවසති. කරයි.
මැක්ෂි හවුස් ආයතනය විසින් මිට පෙරද ගිං ඔයේ අතුගංගාවකට සිය ආයතනයේ අපද්‍රව්‍ය මුදාහැරිය අතර ඒ සදහා හලාවත ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලය නීතිමය පියවර ගන්නා ලදී. කෙසේ වුවත් මැක්සි හවුස් ආයතනය මෙම ක්‍රියාවලිය නොනවත්වාම කරගෙන යන බව ප්‍රෙද්ශවාසීන් චෝදනා කරයි. වෙන්ප්පුවේ කිසිදු අදාළ බලධාරියෙකුට මෙම ක්‍රියාව නවතා දැමීමට මේ වනතෙක් හැකිවී නොමැත.