Friday, November 22, 2024

මාලදිවයිනේ සංචාරකයින් තිදෙනෙකුට මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක් ?

Must read

Untitled-3
මාලදිවයිනේ දී විදේශීකයන් තිදෙනෙකුට පසුගිය 04 වන අගහරුවාදා පිහියකින් ඇන තුවාල සිදුකර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ චීන හා ඕස්ට්‍රේලියන් ජාතිකයන් වන අතර ඔවුන් ප්‍රතිකාර සදහා රෝහල්ගතකර තිබේ. මෙම පිහිඇනුම පිටුපස මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සිටින බව මේ වනවිට දැනගන්නට ලැබී ඇති අතර එරට පොලිසිය විසින් මේවනවිට අන්තවාදීන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අන්තවාදී මුස්ලිම් කණ්ඩායම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම බාරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදාහැර ඇති බවද  එරට මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයට ලක්වූ චීන ජාතිකයා විදේශිකයෙකු වන අතර අනෙක් විදේශීකයන් මාලදිවයිනේ සේවය කරන අය වන බව වාර්තා වේ.
මෙම සිදුවිමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති එක් පුද්ගලයෙකු 2007 දී මාලදිවයිනේ සිදුකෙරුණ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු බවට ද සැක පහළ වී තිබේ. එම ප්‍රහාරයේදීද විදේශීකයින් 12 දෙනෙකු ඝාතනය විය. කෙසේ වුවත් 04 වනදා සිදුකර ඇති මෙම පිහි ප්‍රහාරය මාලදිවයිනේ සංචාරක ක්ෂේත්‍රෙය් නැගීමට විරුද්ධව සිදුකෙරුණ අන්තවාදී ප්‍රහාරයක් ලෙස සැලකිය හැකියි.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article