ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුරසංචාරයේ යෙදී සිටි නාවික හමුදා නෞකාවක් විසින් කරන ලද පරීක්ෂාවදී මෙම සැකකටයුතු බෝට්ටු හතර හදුනාගෙන ඇත. මෙරට ලියාපදිංචි ධනුජි , සුබපැතුම් 04 , ලක්ප්‍රිය දේහි සහ නලීන් 10 බහුදින ධීවර යාත්‍රාවල සිටි ධීවරයින් මෙසේ නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම ධීවරයින් සහ බෝට්ටු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ සහ ගාල්ල වරායන් වෙත රැගෙන විත් ඇති බවද වාර්තා වේ.
නාවික හමුදා විසින් කරන ලද සෝදිසි කිරීමේදී යාත්‍රාවක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සහ මෝර වරල් තොගයක් සොයා ගෙන ඇත.