Saturday, January 18, 2025

මාරවිල සුමනධම්ම විද්‍යාලයේ සිසුන්ට සෙවන දුන් ගසක් කපා දමලා

Must read

12
නාත්තන්ඩිය අධ්‍යාපන කොට්ඨාසයේ මාරවිල – මූදුකටුව සුමනධම්ම මහා විද්‍යාලය වටා තිබූ ගස් විශාල ප්‍රමාණයක් කපා දමා ඇති බව එම විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සදහන් කරයි.
පළමු වන වසර සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසලේ සිසු සිසුවියන් 1000 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටී.
මෙම පාසල වටා තිබූ වසර ගනනාවක් පැරණි ගස් සියල්ල කපා බිම දමා ඇති බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති තුෂාර ලක්මාල් හේරත් මහතා සදහන් කරයි.තමන් පාසල් යන අවධියේදී මෙන්ම වර්තමානයේදීද විද්‍යාලයේ ඇතැම් ඉගැන්වීම් කටයුතු සිදු කරණු ලබන්නේ කපා දමා ඇති ගස් යට බවද හෙතෙම සදහන් කරයි.
වර්තමාන රජය ගස් සිටවමු යැයි පවසන විට කිසියම් අයෙකුගේ අවශ්‍යතාවයක් මත මෙම ගස් කපා ඉවත් කර ඇති බවත්,තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලට පැමිණිළි කිරීමට කටයුතු කළ බවද ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා සදහන් කරයි.
කොහොඹ,කොස්,හල්මිල්ල,අඹ වැනි වටිනා ගස් සියල්ල කලා ඉවත් කර ඇති අතර,වෙළද වටිනාකමක් නොමැති ගස් ඉතිරි කර ඇති බවක්ද දක්නට ඇත. එමෙන්ම “හරිත වන අරණ ආරක්ෂා කර ගනිමු”යන වැකියක්ද විද්‍යාලය තුළ ප්‍රදර්ශණය කර තිබෙන බවක්ද දක්නට ඇත.
පසුගිය පාස්කු සිකුරාදා දිනයේ පැය 1 /2 ක් වැනි කෙටි කාලයකදී විදුලි කියත් භාවිතා කරමින් ගස් සියල්ල කපා බිම හෙළු බව පාසල ආසන්නයේ පදිංචිකරුවෙකු කියා සිටියේය.
අප මේ සම්බන්ධයෙන් නාත්තන්ඩිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන් විමසා සිටියෙමු.”විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතියේ අනුමැතිය මත රාජ්‍ය දැව සංස්ථාව විසින් ගස් කපා ඉවත් කිරීම කළ බව”එම කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.
විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරියගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසා සිටියාය.ඇය මෙසේ කියා සිටියාය.”ලේකම් තනතුරට මම පත් වෙලා තවම තවස් දෙකයි.ඒ නිසා මට යමක් කියන්න අමාරුයි.ඇතැම් විට මම පත් වෙන්න පෙර මෙම ගස් ඉවත් කරන්න තීරණයක් අරගෙන තියෙන්න ඇති.මේ සම්බන්ධයෙන් මම විදුහල්පතිවරයාගෙන් විමසා සිටියා. විදුහල්පතිවරයා කියා සිටියේ අවශ්‍ය සියළුම අනුමැතිය ලබා ගෙන ගස් කපා දැමීම සිදු කළ බවයි.
විද්‍යාලය ආසන්නයෙන් ඇද ඇති විදුලි රැහැන් වලට ගස් වල අතු නිතර වැටෙන බවට චෝදනාවක් තියනවා.පසුගිය කාලේ දවසක් ගසක ලොකු අත්තක් කඩා ගෙන වැටුණා.හොද වෙලාවට එදා පාසල් නිවාඩු.එහෙම නොවුනාන නම් අනතුරක් වෙන්නත් ඉඩ තිබුණා.කොහොම වුනත් ගස් අපිට අවශ්‍යයි.ඒ වගේම දරුවන්ට අනතුරක් වෙන්න දෙන්නත් බැහැ කියන එකයි මගේ අදහස.”යැයි කියා සිටි ඇය “අපේ පාසලේ කීර්තියට හානියක් නම් කරන්න එපා” යැයි ඉල්ලීමක්ද කළේය.
කෙසේ වෙතත් ගස් සිටුවීමේ ජාතික වැඩ සටහන් රට පුරා ක්‍රියාත්මක කරන විට මේ ආකාරයට ගස් කපා දැමීම අනුමත කළ නොහැකි ක්‍රියාවකි.නම් අනතුරු දායක තත්ත්වයක් ඇත්නම් ඊට පිළියම් යොදනවා වෙනුවට මේ ආකාරයට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව නම් සැබෑවකි.16

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article