Saturday, January 18, 2025

මාදම්පේ පොල් ඉඩම් මිළදී ගෙන බොරළු කැපූ ඉඩම් බලන්න පතල් කැනීම් ජෙනරාල්වරයා යයි

Must read

2024 වසරේ සිට මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාන්කඩවර ගම්මානයේ තැනිතලා පොල් ඉඩම් අක්කර 07ක පමණ සිදුකරන බොරළු කැපීමකට දිගින් දිගටම ගම්වාසීන් පිරිසක් විරෝධතාවය පළකරන ලදී. මෙම ස්ථානයට පසුගියදා භූ විද්‍යා සහ පතල් කැනීම් ජෙනරාල් ජයසිංහ මහතා ජනවාරි 02 වනදා නිරීක්ෂණය සඳහා පැමිණෙන ලදී. පොල් ඉඩම් වලට සිදුව ඇති විනාශය පරීක්ෂා කල ජයසිංහ ඒ මහතා නැවත මෙවැනි විනාශයක් සිදුනොවීමට වගබලාගන්නා බවට ගම්වාසීන්ට පොරොන්දු වී තිබේ. ඒමෙන්ම මෙම බොරළු කැපීම සඳහා පතල් කාර්යාංශයෙන් ලබාගෙන ඇති අවසරය ජනවාරි මස අවසන් වන බවත් ඉන් පසු නැවත මෙම ස්ථානයේ බොරළු කැපීමට අවසර නොදෙන බවත් ඒ් මහතා පවසා තිබේ. 2024 වසරේදී පැවති රාජ්‍ය පාලනය යටතේ පතල් හා කැනීම් ආයතනයෙ හරහා කූට ලේඛන සකසා මෙම බොරළු කැපීම සිදුකර ඇතිබව වාර්තා වේ.

මෙම බොරළු කැපීම හේතුවෙන් මෙම පොල් ඉඩම් වලට සහ අවට ඉඩම් වලට සිදුවෙන පාරසරික සෝදාපාළුව නිසා ගම්වාසීන් මාස ගණනාවක් මෙම බොරළු කැපීමට විරෝධතාවය පළකර අතර මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොල් පර්යේෂනායතනය වෙතටද දැනුම්දිම් සිදුකළද ඉන් කිසිදු පලක් නොවුණි. ඒමෙන්ම මෙම බොරළු කැපිම දිගින් දිගටම සිදුකර ඇත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද අවසර පත්‍රයක් මත බවද වාර්තා වේ. ඒම අවසරය සදහා කිසිු පාරසරික වාර්තාවක්, ගමේ ග්‍රාම සේවක මහතාගේ සහතිකයක් ලබාගෙන නොමැත. බොරළු කැපීම ආරම්භ කිරීම‌ට පෙර මෙම ඉඩමේ හිමිකරුවන් මෙම ඉඩමේ පොල් ගස් 40ක් විනාශ කළ බවත් ඉන්පසුව බොරළු කැපීම ආරම්භ කළ බවත් ගම්වාසීන් පවසති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article