(3.00pm)මාදම්පේ – කරුකුවටවන ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක නවාතැන් ගෙන සිටි විදේශීය ජාතිකයින් දෙදෙනෙතුව එම ස්ථානයේම තබා ගෙන ස්වයං නීරෝධායනය කිරීමට මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර ඇත.
21 වැනිදා දහවල් ඔවුන් ලැගුම් ගෙන සිටි ලැගුම්හලට ගිය මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සන්ධ්‍යා හේරත් මහත්මිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම කටයුත්ත ආරම්භ කරන ලදි.
එංගලන්තයේ සිට පසුගිය 03 වැනිදා මෙරටට පැමිණ ඇති මෙම අඹු සැමියන් දෙදෙනා ගාල්ල සහ මහනුවර ප්‍රදේශ වල තනිවම සංචාරය කර ඇති බවද මෙහිදී හෙලිවී ඇත. තමන් දැනට ලැගුම් ගෙන සිටින ලැගුම් හලෙන් දින 14 ක කාලයක් පිටතට නොයන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය විදේශිකයින් දෙදෙනාට අවවාද කරන ලදි.අනතුරුව ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් දැඩි අවදානයකින් පසුවන ලෙස ලැගුම්හල පවත්වා ගෙන යන අයට අවවාද කිරීමද මෙහිදී සිදු විය.
ඔවුන්ගේ ස්වයං නිරෝධානය අවසන් වූ විට ආපසු මෙරටින් බැහැරව යාමට අවසර ලබා දීමට කටයුතු කරන බවද අප කළ විමසුමකදී මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය පැවසුවාය.
ජුඩ් සමන්ත.