කුරුණෑගල දිසාව භාර නව පොලිස් අධිකාරිවරයා ලෙස මහින්ද දිසානායක මහතා පත් කර තිබේ.
මහින්ද දිසානායක මහතා නුවරඑළිය දිසාව භාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර ඊයේ (14 දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හෙතෙම කුරුණෑගල දිසාව භාර පොලිස් අධිකාරිවරයා ලෙස ස්ථාන මාරු කර යවා තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය යටතේ පොලිස් සේවයට එක් වූ මහින්ද දිසානායක මහතා දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන ගණනාවක සේවය කරමින් සහ පියවරෙන් පියවර උසස්වීම් ලබමින් 2014 වසරේදී සහකාර පොලිස් අධිකාරි නිලයට උසස්වීම් ලැබීය. කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී 2015 වසරේදී හෙතෙම නුවරඑළිය දිසාව වෙත ස්ථාන මාරුකර යවනු ලැබීය. සහකාර පොලිස් අධිකාරවරයෙකු ලෙස කුරුණෑගලින් පිට වූ දිසානායක මහතා සිය ගම් ප්‍රදේශය වන කුරුණෑගලට ආපසු පැමිණෙන්නේ පොලිස් අධිකාරිවරයෙකු ලෙස වීම විශේෂත්වයක් වෙයි.
මහින්ද දිසානායක මහතා මහජනතාව සමග මිත්‍රශීලිව සහ සුහදව කටයුතු කරන පොලිස් නිලධාරියෙකු ලෙස නමක් දිනාගෙන සිටින නිලධාරියෙකු වෙයි. විශේෂයෙන්ම ජනතාව පොලිසිය සමග ගැටුම් ඇති කරගන්නා ඇතැම් අවස්ථාවන්වලදී නම්‍යශීලි අයුරින් ඊට මැදිහත් වෙමින් අදාල ගැටලුව සාමකාමීව නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මහින්ද දිසානායක මහතා එකල කුරුණෑගල ජනතාව අතර ගෞරවාදරයට පාත්‍ර වී සිටියේය.
සබැදි පුවත්
සෙත් පිරිත් හඩ මැද්දේ, ජයසිරි මහ බෝ සෙවණේ, බිරිදගේ අතින් ‘ප්‍රමෝට් වුණු ‘ අලුත් එස්. පී !