ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට තමන්ගෙන් කිසි`දු උදව්වක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමන් විසින් දරන්නේ ජනවාරි 08 වැනිදාට පෙර තමන් දැරූ මතයම බවත්, එය අදටත් අල්පමාත්රයක හෝ වෙනසක් සිදු වී නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මහින්ද රාජපක්ෂ සහ තමා අතර කිසි`දු ගණුදෙණුවක් නැති බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
මෙම මැතිවරණයේදි තමන් මැදිහත් පිළිවෙතක පිහිටා කටයුතු කරන බවත්, මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කළහොත් මහින්ද රාජපක්ෂ මහතා හැර අගමැතිකම ලබාදීමට සුදුසු ජ්‍යෙෂ්ඨයින් ඕනෑ තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවද ජනපති මෛත්‍රී වැඩිදුරටත් පැවසීය.
මෙම ප්‍රකාශයේ වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.