‘ඔය තංගල්ලේ කාල්ටන් ගෙදර වික‍්‍රමසූරිය කියලා මහත්තයෙකුට තමයි අයිතිවෙලා තිබුණේ. එයාගේ ලොකු පුතාගේ නම කාල්ටන්. ඒ නිසා එයා ගෙදරට නම දැම්මා කාල්ටන් කියලා. මහින්ද මහත්තයාට නඩු කියන්න යන්න ඔය ගෙදර කාමරයක් දුන්නා. අන්තිමට ගේ එයාගේ වුණා. ඉතිහාසය ඒකයි.‘යැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කුරුණෑගල සතොස ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැති විද්වත් හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
වර්තමාන පාලනය තුළ සිදුවෙමින් තිබෙන සිදුවීම් පිළිබදව බොහෝ දෙනෙකුට කණස්සලක් තියෙනවා. ඒ වගේම විශ්වාසයකුත් නෑ. ඒක ඇත්ත. හැබැයි ඒකෙන් කිසිසේත්ම අගයන්න හොද නැහැ තිබුණු පාලනය බිදවැට්ටවීම වැරදියි කියලා. එය අනිවාර්යයෙන්ම පරාජයට පත් කළ යුතු පාලනයක්. ඒ පිළිබදව කවුරුවත් සැකයක්, සාංකාවක් , දෙගිඩියාවක් තියාගන්න ඕනෑ නැහැ. එතැනදී අපේ දේශපාලන ස්ථාවරය හරි පැහැදිලියි. අපි එදා කිව්වා තිබෙන පාලනය බිදවැට්ටවිය යුතුයි. නමුත් ගොඩනැගෙන පාලනය පිළිබදව අපිට සහතික ලබාදෙන්න බැහැ කියලා. මොකද අපි මේ මහත්වරු කවුද කියලා දන්නවා. නමුත් අර විනාශකාරී ගමන පරාජයට පත්කොට අනිවාර්ය විරාම කාලයක් අවශ්‍ය වෙලා තිබුණා. මම හිතන්නේ දැන් ගතවෙමින් තිබෙන්නේ විරාම කාලය.
දැන් තියෙනවා මහජනයාගේ දේපළ හොරකම් කිරීම පිළිබද ප‍්‍රශ්නයක් . එහෙනම් මහජනයාට අයිතියක් තියෙනවා ඒ සොරකම් කරන ලද දේපළ යළි අත්පත් කරගන්නත්. ඒවා හොරකම් කරපු අයට දඩුවම් දෙන්නත්. වංචාවට , දූෂණයට එරෙහිවීමට පක්ෂ පාට අදාල නෑ. කවර පක්ෂෙක වුනත්, මහින්ද මහත්තයාගේ හිතවතෙක් වුනත්, මහින්ද මහත්තයාගේ ඥාතියෙක් වුනත්, ගිරුවාපත්තුවේ වුනත්, නිල් පාට වුනත්, කොළ පාට වුනත් කිසිම භේදයකින් තොරව මහජනයා නැගී සිටිය යුතුයි. එහෙනම් මහජනයාට අයිතියක් තියෙනවා මහජනයාගේ දේපළ යළි අත්පත් කරගන්න. ඒවා පිළිබද නීතිය හමුවට පමුණවනවාට විරුද්ධ විය හැක්කේ කාටද ? විරුද්ධ වෙන්න පුලූවන් කොට්ඨාශ දෙකකට පමණයි. එකක් මහජනයාගේ දේපළ හොරකම් කරපු අය. අනික මහජනයාගේ දේපළ හොරකම් කරන්න බලන් ඉන්න අය. දැන් කවුද මේ විරුද්ධ වෙලා ඉන්නේ ? මහජනයාගේ දේපළ හොරකම් කරපු අය. මොන තරම්ද කියනවා නම් හොරට පොල් කඩලා පොල් ගහනවා. පොල් ගහන්න ගියපු තැන පර්ස් නැතිවෙනවා. රෝහිත අබේගුණවර්ධන ළග හිටියේ. ඇති රත්තරං මාල ටික බේරුණා. මේ ක‍්‍රියාදාමයට විරුද්ධ විය හැක්කේ හොරුන්ටත්, හොරකම් කරන්න බලන් ඉන්න අයටත් විතරයි.
දැන් මතයක් ගොඩනැගෙමින් තිබෙනවා එෆ් සී අයි ඞී එක වැරදියි කියලා. කොහොමද එෆ් සී අයි ඞී එක වැරදියි කියන්නේ ? අපේ රටේ පොලිස් දෙපාර්න්තමේන්තුවට අනුබද්ධව විවිධ කොට්ඨාශ හදනවා. අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කරනකොට ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාශයක් තිබුණේ නෑ. නමුත් ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් එනකොට ඒ පිළිබද විශේෂ අවධානය යොමුකිරීම සදහා ත‍්‍රස්ත විමර්ශණ කොට්ඨාශයක් බිහිවෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කරනකොට නාකොටික් එකක් තිබුණේ නැහැ. හැබැයි මත් කුඩු මහ ව්‍යසනයක් බවට පත්වුණාම ඒ පිළිබදව අවධානය යොමු කරන්න නාකොටික් එක බිහි වුණා. ඒ වගේම විවිධ ප‍්‍රශ්න එනකොට විවිධ ඒකක ගොඩනැගුණා. දැන් අලූත් ප‍්‍රශ්නයක් ඇවිත් තිබුණා. අපේ රටේ මහා පරිමාණ මූල්‍ය අපරාධ සිද්ධවෙලා තිබුණා. කෝටි ප‍්‍රකෝටි ගණන් මහජනයාගේ සල්ලි හොරකම් කරලා තිබුණා. එහෙනම් මූල්‍ය අපරාධයක් එනකොට මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයක් හැදෙන්න ඕනෑ. මේ කොට්ඨාශය ගොඩනගලා තියෙන්නේ පොලිස්පතිවරයා ගැසට් නිවේදනයකින් තමන්ට පැවරී තියෙන බලතල අනුව කැබිනට් තීරණයකට අනුකූලවයි. ඒ නිසා මේක නීත්‍යානුකූලයි.
අපේ රටේ වංචා සහ දූෂණ පිළිබද කටයුතු කරන නීතියක් තිබෙනවා. එකක් පොදු දේපළ පනත. අනිත් එක විශුද්ධිකරණ පනත. මහජනයාගේ දේපළ රුපියල් විසිපන්දහසට වැඩිය අවභාවිතාවෙලා තියෙනවා නම් පොදු දේපළ පනත යටතේ ඇප නැහැ. එක අවස්ථාවකදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ගේට්ටුවකට රුපියල් 45000 ක අලාභහානි කළා කියලා ඇප දුන්නේ නැහැ. පොදු දේපළ පනත කියන්නේ එවැනි බලගතු පනතක්. නමුත් මහජන දේපළ රුපියල් කෝටි හැටක් අවභාවිතාවේ යොදවපු ලලිත් වීරතුංග එක දවසක්වත් ඇතුළට යන්නේ නෑ. මොකක්ද චෝදනාව ? ටී ආර් සී එකට අයිති මුදල්වල පහුගිය ජනාධිපතිවරණේදී සිල් රෙදි බෙදීම. නමුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ගේට්ටුවක් හෙල්ලූවා කියලා ඇප නැතුව හිටියා. ඒකයි මම කියන්නේ මේ දෙගොල්ලෝ අතරේ ඞීල් තියෙනවා කියලා.
මුදල් විශූද්ධිකරණ පනත අනුව රටේ ඕනෑම පුරවැසියෙක් බැදිලා ඉන්නවා තමන්ගේ වත්කම් උපයාගත්තේ කොහොමද කියලා පරීක්ෂණයක් කළොත් ඔප්පු කරන්න. දැන් මෙතැන ප‍්‍රශ්නේ මොකක්ද ? සී එස් එන් කියන නාලිකාව පටන්ගත්තා. ඒක නාමල්ලගේ නාලිකාව. මොකද ? නාමල්ගේ තාරුණ්‍යට හෙටක්, ශිරන්තිගේ සිරිලිය පදනම, එයාගෙම කාල්ටන් පෙරපාසල මේ ඔක්කොම ලියාපදිංචි කරලා තියෙන්නේ එක ගෙදරක. කාල්ටන් කියන්නේ ඒ ගොල්ලන්ගේ බ‍්‍රෑන්ඞ් නේම් එක. ඔය තංගල්ලේ කාල්ටන් ගෙදර වික‍්‍රමසූරිය කියලා මහත්තයෙකුට තමයි අයිතිවෙලා තිබුණේ. එයාගේ ලොකු පුතාගේ නම කාල්ටන්. ඒ නිසා එයා ගෙදරට නම දැම්මා කාල්ටන් කියලා. මහින්ද මහත්තයාට නඩු කියන්න යන්න ඔය ගෙදර කාමරයක් දුන්නා. අන්තිමට ගේ එයාගේ වුණා. ඉතිහාසය ඒකයි. කාල්ටන් ගෙදර එයාගේ. නෝනගේ පෙරපාසල , කාල්ටන් පෙරපාසල. පුතාගේ රග්බි තරගාවලිය, කාල්ටන් රග්බි තරගාවලිය. හැබැයි කාල්ටන් රූපවාහිනිය වෙන කාගේවත් කියනවා. මේ රටේ කවුද පිළිගන්නේ කාල්ටන් රූපවාහිනිය වෙන කාගේවත් කියලා. ඇස් පනාපිට පේන සත්‍ය තමයි ලිපි ගණුදෙණු හරහා ඉතා හොදින් පැහැදිලිවෙලා තියෙනවා ඒකේ ප‍්‍රධානියා හැටියට කටයුතු කරලා තියෙන්නේ යෝෂිත රාජපක්ෂ කියලා. හමුදාවේ සාමාන්‍ය සොල්දාදුවෙකුට කැඩුණු රූපවාහිනිය හදාගන්න බැරිව ඉන්නවා. හැබැයි යෝෂිත රාජපක්ෂ රූපවාහිනී නාලිකාවක් දානවා. ඒකේ ආරම්භ ප‍්‍රාග්ධනය ලක්ෂ 2340 යි. අන්න මුදල් විශූද්ධිකරණ පනත අනුව මේ ලක්ෂ 2340 හොයාගත්තු විදිහ කියන්න ඕනෑ. වෙන නඩුවක් මෙතැන නෑ. එක්කෝ යෝෂිතගේ පඩිය එකතු කළා කියන්න ඕනෑ. නැත්නම් මැදමුලනේ වී, පොල් විකුණලා මුදල් එකතු කළා කියන්න ඕනෑ. ඒ මොකක් හරි කියලා ලිඛිතව ඔප්පු කරලා පෙන්වන්න වෙනවා මෙන්න ලක්ෂ 2340 හොයාගත්තු විදිහ කියලා. හැබැයි ලක්ෂ 2340 හොයාගත්තු විදිහ කියන්න බැරි නම් ඒකෙන් කියන්නේ මහා භාණ්ඩාගාරයට එන්න තිබුණු සල්ලි හෝ මහා භාණ්ඩාගාරයේ සල්ලි මෙතැන්ට ඇවිල්ලා තියෙනවා. එහෙනම් එයාව ඕනෑ නැද්ද ? ඕක එතනින් නතරවෙන්නේ නෑ. දැන් මේවා වැල වගේ ඇදිලා තියෙන්නේ. ආණ්ඩුව හරියට ක‍්‍රියාත්මක වෙනවා නම් තංගල්ල බීච් හෝටලය, දික්වැල්ල බීච් හෝටලය, කළගෙඩිහේනේ ගෙවල් හදපුවා, මාතර බ‍්‍රවුන්ස්හිල්වල ගෙවල් හදපුවා මේ ඔක්කෝම වැල වගේ ඉස්සරහට එනවා. වැරදි කරපු අයට දඩුවම් ලබාදීම වගකීමක්. හැබැයි මෛත‍්‍රී – රනිල් හවුල් ආණ්ඩුව මේක කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ ගොල්ලන්ට වෙන දේශපාලන ගේමක් තියෙනවා. මොකක්ද ඒ දේශපාලන ගේම් එක.
රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හැම වෙලාවෙම ගුරුකොට ගන්නේ ජේ. ආර්. ජයවර්ධන. ජේ. ආර්. ජයවර්ධන රට පාලනය කළේ කොහොමද ? එක්සත් ජාතික පක්ෂය දිගු කලක් රට පාලනය කිරීමේ රහස තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීම. මෛත‍්‍රීපාල සේනානායක මහත්තයා කදවුරු බෙදුනා. අනුර බණ්ඩාරනායක මහත්තයා වෙනම ගියා. චන්ද්‍රිකාලා වෙනම කඩාගෙන ගියා. ඩාලි පාරේ මූලස්ථානෙට නඩු කිව්වා. එක වෙලාවකදී මූලස්ථානෙ නැතුව ගියා. පක්ෂය දෙකට තුනට කෑලිවලට කඩලා තමයි ජේ. ආර්. රට පාලනය කළේ. දැන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් කල්පනා කරනවා එයාට දිගටම රට පාලනය කරන්න නම් ශ‍්‍රී ලංකා එක බෙදන්න ඕනෑ. ශ‍්‍රී ලංකා එක බෙදන්න නම් බල කදවුරු දෙකක් තියෙන්න ඕනෑ. එකක් මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා සහ ජනාධිපතිවරයා විදිහට එක බල කණුවක්. අනිත් පැත්තෙන් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතර සැලකිය යුතු කැමැත්තක් තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයා තව බල කණුවක්. හැබැයි වංචා දූෂණවලට හවුල් අයට දඩුවම් දුන්නොත් එහෙම මොකද වෙන්නේ ? මහින්ද මහත්තයාගේ බල කණුව බිදෙනවා. බිදුනොත් මොකද වෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙඩිය පිටින්ම මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ අතට එනවා. ඒ නිසා මහින්ද මහත්තයාගේ බල කණුව රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සම්පූර්ණයෙන්ම බිදින්නේ නෑ. එහෙම නැත්නම් අර එදා යෝෂිත බලන්න රිමාන්ඞ් එකට ගියපු කට්ටියක් හිටියා නේද ? එතැන හිටපු අයගෙන් ගොඩක් අය ඇත්තටම ඇතුලේ ඉන්න ඕන අය. ඒ ගොල්ලෝ බලන්න යන්න ඕන අය නෙවෙයි. ඒ ගොල්ලෝ ඇතුලේ තියාගෙන වෙන කවුරුහරි බලන්න යන්න ඕනෑ අය. දැන් මේ දඩුවම් දෙන්න වෙලා තියෙන්නේ කාටද ? ටී. බී. ඒකනායකට, අනුර යාපාට, සුසිල් පේ‍්‍රමජයන්තට, කෙහෙළිය රඹුක්වැල්ලට, රෝහිත අබේගුණවර්ධනට. ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට, මේ අය කවුද ? ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයින්. ඒ නිසා අනිත් පැත්තෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාත් මේ අයව ආරක්ෂා කරනවා. ඒ අනුව දෙපැත්තෙන්ම මේ අය රැකවරණය ලබනවා. ඒ නිසා මහජන දේපළ හොරකම් කළ අයට දඩුවම් දෙන්න ඕනෑ මින් ඉදිරියට හොරකම් කරන්න බලාගෙන ඉන්න රවී කරුණානායකලාටත් උණ ගැනෙන්න.
මහින්ද මහත්තයලාගේත්, එයාගේ සහචර පිරිසගේත් ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය බවට පත් වී තිබෙන්නේ ජාතිවාදය. අන්න එතකොට තමයි ජාතික ගීය ප‍්‍රශ්නයක් වෙන්නේ. අපේ රටේ සිංහල, දෙමළ පෙළපොත් දෙනකොට ඒ හැම එකකම ජාතික ගීය තියෙනවා. සිංහල පොත්නල සිංහලෙන් තියෙනවා. දෙමළ පොත්වල දෙමළෙන් තියෙනවා. මෙච්චර කාලයක් අපේ රටේ සෑම දෙමළ පාසලකම ජාතික ගීය කිව්වේ දෙමලෙන්. ජාතික ගීයෙන් මොකක්ද කරන්නේ ? රට පිළිබදව ආඩම්බරයක්, ලෙන්ගතුකමක්, අභිමානයක් හදනවා. ඒක දැනෙන්න නම් අපිට ඒක දැනෙන්න ඕනෑ. ඒක දැනෙන්න නම් ඒක අපිට තේරෙන්න ඕනෑ. අපේ රටේ ප‍්‍රධාන භාෂාවන් දෙකක් තියෙනවා. ඒ භාෂාවෙන් අධ්‍යාපනය දෙනවා. රාජ්‍ය කටයුතු කරනවා. ඒ භාෂා දෙකම තමන්ගේ මව් භාෂාව කරගත්තු ජන කොට්ඨාශයන් ඉන්නවා. ඒ අයට තමන්ගේ මෘතෘ භූමිය පිළිබද හැගීමක් ඇතිවෙන්න නම් තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය කියන එකේ වරදක් නැහැ. එතකොට කියනවා අනිත් රටවල එහෙම නෑනේ කියලා. උදාහරණයට ගන්නවා ඉන්දියාවේ. ඔව් ඉන්දියාවේ එකයි තමයි. හැබැයි ඒකත් තියෙන්නේ ඒ රටේ සුලූතරයක් වන බෙංගාලි භාෂාවෙන්. අපිට ප‍්‍රශ්නයක් තියෙනවා ජාතික ගී දෙකක් තිබුණා නම්. නමුත් මෙතැන දෙකක් නෑ. එක තනුවක්. එක අර්ථයක්. භාෂා දෙකකින් කියනවා. ප‍්‍රශ්නේ තියෙන්නේ ශ‍්‍රී ලංකා මාතා වෙනුවට ඊළාම් මාතා කිව්වා නම්. ඒ ගොල්ලන්ගේ අරගලය තිබුණේ මොකක් වෙනුවෙන්ද ? වෙනම කොඩියක්, වෙනම ගීතයක් සහ වෙනම රටක් වෙනුවෙන්. නමුත් ඒ ගොල්ලෝ මේ ගීතයම පිළිගන්නවා ඒ ගොල්ලන්ගේ භාෂාවෙන්ම කියලා. සාධාරණ නැද්ද ? මොකක්ද ඒකේ තියෙන වැරුද්ද ? නමුත් මෙතැන තියෙන නරකම වැඬේ තමයි ආණ්ඩුව උත්සාහ කරනවා ජාතික ගීය දෙමළෙන් කියන්න දුන්නාම දෙමළ ජනතාවගේ සියලූ ප‍්‍රශ්න අවසන් කියලා පෙන්වන්න. ජාතික ගීය දෙමළ භාෂාවෙන් කියන්න දුන්නා කියලා දෙමළ ජනතාවගේ සියලූ ප‍්‍රශ්න අවසන් වෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ට සංස්කෘතික, භාෂා, ආර්ථික සහ අපිටත් වඩා ජීවත්වීමේ ප‍්‍රශ්න තියෙනවා.