නිවෙස්වල සිටින සුනඛ හා පුසන් මහමග හෝ වෙනත් ස්ථානවලට දමා යන පුද්ගලයන්ට වෙන්නප්පුව ප්රාදේශීය සභාවෙන් අලුත් විකල්පයක් සපයා ඇත. එවැනි සතුන් සිටිම කරදරයක් නම් දුම්මලදෙනිය කසල එකතු කරන ස්ථානයට ගෙනවිත් බාරදිමට ඔබට දැන් අවස්ථාව සලසා ඇති බව ප්රාදේශීය සභාවෙන් පවසයි. වීදිවල අසරණ වි සිටින සතුන් රැකබලා ගැනිමට වෙන්නප්පුව ප්රාදේශිය සභාවේ සත්කාරයක වැඩසටහන පෙරේදා (04) නිදහස් දිනයේ ආරම්භ කලේය. මෙම සේවාව මගින් අතරමං කර දමා යන සුනඛ හා පුසන් ආරක්ෂා කර කෑම හා බෙහෙත් ලබාදි පිහිට විමට වෙන්නප්පුව ප්රාදේශිය සභාව කටයුතු කරනු ඇත.