Sunday, January 19, 2025

මහමඟදී පුද්ගලයෙකු මංකොල්ල කෑ පොලිස් නිලධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

Must read

Policeman pursue robber with female bag. Thief in mask running away from cop

(9.19am) 20 වැනිදා මහවැව මාර්ග බාධකයේදී පුද්ගලයෙකුට පහර දී ඔහු සතුව තිබූ රුපියල් 92,000 ක මුදලක් කොල්ලකා ඇති  මාරවිල පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක ඒ.එන්.අබේකෝන් සහ පොලිස් කොස්තාපල් 72414 බී.එම්.උපුල් කුමාර විජේරත්න නම් දෙදෙනා මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන  මාරවිල දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා 22 වැනිදා සවස නියෝග කළේය. මෙසේ නියෝග කරන ලද්දේ  ඔවුන් දෙදෙනා හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පසුගිය 20 වැනිදා මහවැව පොලිස් මාර්ග බාධකය තුළ මාරවිල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනෙකු සේවය කරමින් සිට ඇත.
උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඒ අතර සිට ඇත.

කොළඹ දෙස සිට පැමිණ ඇති යතුරු පැදියක් මාර්ග බාධකයේ සවි කර තිබූ විදුලි පහනක ගැටී මෙන් එයට හානි සිදුවී ඇත.පසුව යතුරු පැදියේ පැමිණි අය විසින් එම විදුලි පහන ගෙනවිත් සවි කර ඇත.නමුත් එම ස්ථනයේ සේවයේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයා යතුරු පැදිකරුගෙන් මුදල් ඉල්ලා ඇත. තමන් අත මුදල් නොමැති බව පැවසූ විට උප පොලිස් පරීක්ෂකවරයා විසින් ඔහුට පහර දීමක්ද සිදු කර ඇති බව කියති.

මීගමුව – පෙරියමුල්ල පදිංචි මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් ස්මායිල් යන අය විසින් මාරවිල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මාරවිල පොලීසිය විසින් සැකරුවන් අත්අඩංගුවට ගෙන ගෙන තිබුණි.

මාරවිල පොලීසිය විසින් පවත්වා ගෙන යන හලාවත – කොළඹ මාර්ගයේ පිහිටි මහවැව පොලිස් මාර්ග බාධකයේදී සැකකරුවන් දෙදෙනා විසින් මෙම මුදල කොල්ලකා ඇති බව පොලීය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

 

සිද්ධියට සම්බන්ධ අය මේ සම්බන්ධයෙන් පැමිණිළි කිරීමට සුදානම් වන බව දැන ගෙන ඇති මාර්ග බාධකයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇත.“මම එපා කියද්දී මේ මුදල් මට දුන්නා″ යැයි පවසා රුපියල් 20,000 ක මුදලක්ද එම පොලිස් කොස්තාපල්වරයා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත බාර දී ඇත.

පසුව මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් මේ බව හලාවත කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැණුවත් කිරීමට කටයුතු කර ඇත.ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාව සහ පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජූඩ් සමන්ත.

0770705142

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article