Sunday, January 19, 2025

මහජන බැංකුව උසාවි එයි.

Must read

නීතිඥවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම අධිකරණය වෙත පැමිණෙන මහජනතාවටද  සිය බැංකු සේවාවන් පහසුවෙන් ඉටුකරගැනීමට පහසුකම් සපයමින් මහජන බැංකුවේ ජංගම බැංකු සේවාවක් කුරුණෑගල අධිකරණ සංකීර්ණය තුළදී ඊයේ (05 දා) ආරම්භ කෙරිණි.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු, ප්‍රධාන මහේස්ත්‍රාත්,  අතිරේක මහේස්ත්‍රාත් , දිසා විනිසුරු සහ අතිරේක දිසා විනිසුරු  යන විනිසුරුවරුන්ගේද සහභාගීත්වයෙන් පැවැති මෙහි සමාරම්භක උත්සවය සදහා නීතිඥවරුන් පිරිසක්ද එක් වී සිටියහ.

ජංගම සේවාවක් ලෙස ආරම්භ කෙරුණු මෙම බැංකු සේවාව ඉදිරි මාස කිහිපය තුළදී ස්ථිර සේවාවක් බවට පත්කිරීමට මහජන බැංකුව සැලසුම් කර තිබේ. ඒ අනුව මහජන බැංකුවේ දායකත්වයෙන් කුරුණෑගල අධිකරණ සංකීර්ණය තුළ ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත අතර එම ගොඩනැගිල්ලේ කොටසක් බැංකුව සදහාත්  අනෙක් කොටස තැපැල් කාර්යාලයක් සහ මහජන ආපන ශාලාවක් වෙන්කිරීමටත් මහජන බැංකුව එකග වී තිබේ.

දඩ මුදල් බැදීම්, ඇප මුදල් තැනපත් කිරීම්, මුද්දර ගාස්තු අයකිරීම් වැනි අධිකරණය ආශ්‍රිත සියලු මුල්‍යමය කටයුතු මේ වන විට සිදුවන්නේ අධිකරණ කාර්ය මණ්ඩලය හරහා වන අතර මෙම නව බැංකු සේවාවත් සමග යම් යම් අධිකරණ සේවාවන් සෘජුවම බැංකුව හරහා කරගැනීමට මහජනතාවට අවස්ථාව ලැබීමට නියමිතව තිබේ. මහජනතාවගේ පහසුව පිණිස ඉලෙක්ට්‍රොනික මුදල් ආපසු ගැනීමේ යන්ත්‍රයක්ද කුරුණෑගල අධිකරණ සංකීර්ණය තුළ පිහිටුවීමට අපේක්ෂිතය.

ජංගම බැංකු සේවාව ආරම්භ කරමින් ඊයේ දිනයේදී විනිසුරුවරුන් සහ නීතිඥවරුන් මහජන බැංකුව සමග ගණුදෙණුවල යෙදුණු ආකාරය ඡායාරූපවලින් දැක්වෙයි.

ඡායාරූප

නීිතිඥ ෆිලීෂියන් පෙරේරා 
bank_court2 bank_court3 bank_court4 bank_court5 bank_court6 bank_court7 bank_court8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article