Sunday, January 19, 2025

මල් කැකුලු තුනක් වනසා, ලක්ෂ නවයකටත් වැඩේ දුන් අණ්ඩපාල කොන්දොස්තරෙක් මාට්ටු !

Must read

bus_conductorබාල වයස්කාර දැරියන් තිදෙනෙකුට ලිංගික අතවර සිදුකිරීම සහ රුපියල් නව ලක්ෂයකට අධික මුදලක් චංචාකිරීම සමබන්ධයෙන් අධිකරණය මගහරිමින් සිටි පුද්ගලික බස් කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ නවගත්තේගම, මුල්ලේගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක්දරු පියෙකි.

මෙම සැකකරු මුන්දලම, සෙම්බුක්කුලිය ප්‍රදේශයේ නිවසක සැගවී සිටින බවට ලැබී තිබූ තොරතුරකට අනුව පසුගිය 10 වැනිදා රාත්‍රියේ මුන්දලම පොලීසියේද සහය ඇතිව එම නිවස වැටලූ නවගත්තේගම පොලීසියේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත්හ.

නවගත්තේගම, හෙට්ටිපොළ හා කුලියාපිටිය යන පොලිස් බල ප්‍රදේශවල පදිංචි බාලවයස්කාරියන් තිදෙනෙකුට ලිංගික අතවර සිදු කිරීම සහ 2008 වර්ෂයේදී පුත්තලම නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් නව ලක්ෂ අසූදහසක පමණ මුදලක් වංචාකිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු ගණනාවක් විභාගවෙමින් පවතින බව පොලිසිය කියයි.

2013 වර්ෂයේ සිටම මෙම නඩුවලට පෙනී නොසිටීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියෝග කරමින් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවත් , මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු විසින් රුපියල් තුන්ලක්ෂ පනස්දහසක පමණ මුදලක් වංචා කළ බව පවසමින් තවත් පැමිණිලි 3ක් ලැබී ඇති බවත් පොලීසිය කියයි.

පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.බී. රත්නායක සහ ආණමඩුව සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත නවගත්තේගම, පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් විජේසිංහ ( 7680) , පොලිස් කොස්තාපල් තුෂාර ( 69118) , කොදගම (61053) සහ පොලිස් කොස්තාපල් රියැදුරු තිසර (80501) යන නිලධාරීහු විසින් වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගත්හ.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

(ප්‍රවෘත්තිය ආරම්භය සදහා යොදාගෙන ඇති  ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපයක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article