මූල්‍ය කි‍්‍රයාවලිය හා යමින් එකිනෙකට තරගකාරී පරිසරයක් තුළ කි‍්‍රයාකරන ගල්ගමුව නගරයේ ණය පහසුකම් ලබා දෙන මූල්‍ය ආයතන හුදෙක්ම තම ලාභය පමණක් අරමුණු කර ගනිමින් කි‍්‍රයා කරන බවත් ගල්ගමුව හා අවට ගම්වල ජනවතාවගේ ජීවිත පවා ක‍්‍රමයෙන් ගිලගන්නට මෙන් එම ආයතනවල විවිධාකාරයේ ණය පහසුකම් ක‍්‍රමවේද හඳුන්වා දෙමින් කටයුතු කරන බවත් පිලිබඳ වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත වාර්තා විය.
”මයික්‍රෝ” හෙවත් ක්ෂුද්‍ර මූල්‍ය ක‍්‍රමය යටතේ විවිධ පහසුකම් හා අඩු පොලී අනුපාතයන් ඇති බවට කියමින් ගම් මට්ටමින් සිදුවන මෙම ණය ලබා දීමේ කි‍්‍රයාවලිය තුළට මිනිසුන් සම්බන්ධකර ගැනෙන්නේ ආයතන අතර එකිනෙකා පරයමින් ලාභය උපරිම කරන්නට දරන තැතද සමගිනි. මේ වන විට ගල්ගමුව නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙවැනි ආයතන හතකට අටකට ආසන්න ප‍්‍රමාණයක් ඇති අතර ඒවායේ පොලී අනුපාතයන්ද 15%ත්- 35%ත් වැනි අධික ඉහළ මට්ටමක පවතී. එයද ආයතනය විසින් අදාල ගණුදෙනුකරුට පවසන අනුපාතය හා ආයතනය මගින් අයකරන අනුපාත ලෙස ආකාර දෙකකින් අයකරගනී. අප සොයා බැලූ එක් ආයතනයක ගණුදෙනුකරුට පවසන අගය 20.66% වුවද ආයතනය මගීන් අය කරන්නේ 35% ක් වැනි අගයකි. එමෙන්ම මෙම ආයතන මගින් ලබා දෙන පහසුකම් දෛනික වාරික පදනම, සති වාරික පදනම, දෙසති හා මාසික වාරික පදනම වශයෙන් ගෙවීටද එම ආයතන විසින්ම පහසුකම් ලබා දී තිබේ. විවිධ ආයතන අතර විවිධ පොලී අනුපාත අය කරන නිසා රුපියල් 20000ක් නිකුත් කරන මෙම ආයතන අටෙන් ඊට අයකරන්නේද අට ආකාරයක පොලී මුදලකි. එයද රුපියල් 4000 සිට රුපියල් 8000 දක්වා විහිදී යන මුදලකි.
ගම් මට්ටමින් කුඩා කණ්ඩායම් පිහිටුවමින් සිදු කරන මෙම ණය ලබා දීමේ කි‍්‍රයාවලිය මේ වන විට භයානක විෂබීජයක් හා සමානව මුල් දුවා ඇති බවට වයඹ ටුඬේ කළ විමසීමකදී අනාවරණය කර ගැනීමට අපට හැකි විය. ඉතා අඩු පොලී අනුපාතියක් බව කියමින් ගනුදෙනුකරුවන් අල්ලා ගන්නා මෙම ආයතන කෙසේ හෝ ඔහුට ණය මුදලක් දෙමින් අධික පොලියක් සම`ගින් එය ආපසු අය කර ගන්නේ ඇතැම්විට ණය ලබා දුන් නිලධාරීයාද බොහෝ වාරයක් වෙහෙස වීමෙන් පසුවය. ඇතැම්විට අනෙකුත් ආයතන හා සසඳමින් තම ආයතනය පිළිබඳ පැහැදිලි කිරීම් කරන මෙම ආයතන සියල්ලම ණය ලබා දෙන්නේ අධික පොලියක් මිනිසුන් මත විතැන් කරය. එම නිසා මෙම ක‍්‍රමවේදය හමුවේ ගල්ගමුව නගරය හා මෙම ණය සමිති පිහිටුවා ඇති ගම්වල ජනතාවටද අද අත්ව ඇත්තේ ඉතාමත් දුක්බර තත්වයකි. ගල්ගමුව වැනි ප‍්‍රදේශයක් තුළ බොහෝ විට සිදු කරන්නේ කෘෂිකර්මාන්තයය. ඒ නිසාම ඔවුන්ගේ ජීවනෝපායද වන්නේ එයය. එහෙත් ඔවුන්ගේ තම ජීවන අරගලය වෙනුවෙන් සටන් වදින්නට මේ ආයතන මගින් ණය පහසුකම් ලබා ගත්තද අදවන විට එයද මහත් හිසරදයක් වන තරමට එපා වී ඇතැයි වයඹ ටුඩේ වෙබ් අඩවිය වෙත අදහස් දැක්වු මෙම ආයතනවල ගණුදෙනුකරුවන් කිහිප දෙනෙකු කියා සිටියහ.
මේ එච්. එම්. ශාන්තිලතා මහත්මිය පැවසු අදහසයි.
”ඇත්තටම සර් සල්ලිවලට ආස නැත්තෙ කවුද? අපේ නැති බැරිකම හින්දා අපි ණය ගන්නවා තමයි. එත් ලෙඩක් දුකක් හැදුනාමවත් අපිට පුංචිවත් සමාව දෙන්නෙ නෑ. ගමට ඇවිත් ණය දෙනකම් කියන්නෙ සුරංගනා කතා. ණය දුන්නාම තමා ඒ අයගේ පදේට අපිට නටන්න වෙලා තියෙන්නෙ. මමත් ඔය සමිතිවලින් ණය අරන් තියනවා. මමයි මහත්තයයි දෙන්නම කරන්නෙ කුලී වැඩ. ඒ හොයන මුදලින් දරුවො දෙන්නා ඉස්කෝලෙ යවලා අපි ජීවත් වෙන්නත් ඕනේ. ඒත් අපි කවදාවත් ණය ගෙවීම පැහැර හැරලා නෑ. සතියෙන් සතිය රුපියල් දෙදාහක් ගෙවන්න නැති වුණාම කනේ තියන කරාඹු දෙක උකස් කරලා හරි ණය ගෙවනවා. ඒ වෙන දෙයක් හින්දා නෙමේ. වාරික එකතු කරන්න එන නිලධාරීන් කියන කතා අහන්න බැරි නිසා. අපි දුප්පත් නිසා ණය ගන්නවා. ඒත් ඒ අය කතා කරන්නෙ කිසිම හිතක් පපුවක් නැති විදිහට. අද හැම ගමකම වගේම මේ සමිති තියනවා. මේ ණය ගත්තාම අපේ විතරක් නෙමේ කණ්ඩායමේ අනික් අයගෙත් ණය ගෙවන්න ඕනේ අපි.”
සීතා මල්කාන්ති මහත්මිය කියා සිටියේ මෙවැන්නකි.
”අපිට රජයේ බැංකුවලින් ණය ගන්න රජයේ ඇප කාරයෝ නෑ. ඒ හින්දයි මේවගේ තැනකින් ණයක් ගන්නෙ. ඒත් එක පාරක් ගත්ත කෙනෙක් තවත් පාරක් මේ ආයතනවලට යන්නෙ නෑ. සමිතියට එන සර්ලා කාගෙ හරි වාරිකේ නැත්තම් ආපහු යන්නෙ නෑ. ඒ වාරිකේ සමිතියේ හරි කණ්ඩායමේ ඉන්න අනික් අය හරි හදලා දෙන්න ඕනේ. සමහර ආයතන තියනවා අපිට ණය දෙනවා විතරයි. කවදාවත් අපිට තව ගෙවන්න කීයක් තියනවද කියලා ඇහුවත් කියන්නෙ නෑ. ඒ නිසා අපි කොයිතරම් මුදලක් ගෙවනවද කියලා දන්නෙ නෑ. මම කියන්නේ මේවගේ ආයතනවලින් කවුරුහරි ණයක් ගන්නවනම් හොඳට හොයලා බලලා ගන්න. සමහර ගම්වල සතියෙ දවස් පහට සමිති පහක් තියනවා. හැමදාම ඒ ගමේ මිනිස්සු සර්ලා එද්දි හැංගෙනවා. ඒ ආයතනවල නිලධාරීන් වුනත් දන්නවා මේ මිනිස්සු මේ හැම ආයතනයෙන්ම ණය අරන් තියෙන්නෙ කියලත්. ඒත් එයාලා හිතන්නෙහිගාකාලා හරි මිනිස්සු පොලිය ගෙව්වොත් ඇති කියලා විතරයි. ගිනි පොලියට සල්ලි අරන් ඊටත් වඩා අපි බැනුම් අහන්නත් ඕනේ.”
මෙසේ අදහස් ප‍්‍රකාශ කර සිටියේ සී. එස්. ඒ. ඉනෝකා චාන්දනී මහත්මියයි.
”සමහර ආයතන දැන දැනම එක ගෙදරට ණය තුනක් හතරක් දෙනවා. සුළු ණය, ක්ෂණික ණය, සති ණය වගේම කිරි හරක් පාලනයට කියලත් ණය දීලා ඒවා ගෙවන්න ගියාම මිනිස්සු අතරමං වෙනවා. සල්ලි දෙද්දි ගන්න හැමෝම ආසයි. මම වුනත් පුද්ගලිකව මේ ගැන ඒ නිලධාරීන්ට කියලා තියනවා. ඒත් එයාලා අහන්නෙ නෑ. ඒ අයට ඕනේ කොහොම හරි කිීයක් හරි දීලා මනුස්සයෝ අල්ලගන්න. ඒ අයට ආයතිනික පැත්තෙන් දෙන දේවල් නිසා හිතා මතාම මිනිස්සු ණය කාරයෝ කරලා හරියනවද? සමහර ආයතන ණය තොරතුරු කාර්යංශයෙන් ගන්න රිපෝට් එක දුර්වල වුනත් ඒක වෙනස් කරලා ණය දෙනවා. ණය වාර්තාවක් හොඳනෑ කියන්නෙ ඒ කෙනාට ණය දීම සුදුසු නෑ කියන එක. ඒත් ඒ සර්ලම ඒවා වෙනස් කරලා ණය දෙනවා. එහෙම දෙද්දි ඒ අය හිතන්නෑ ආපහු මේවා අය කර ගන්න පුළුවන් වෙයිද කියලා. ඒකයි අද මේ ප‍්‍රශ්නවලට බලපාලා තියෙන්නෙ. සමහර ණය ඉල්ලන කෙනාට ණය මුදල දෙන්න බැරි වුණාම එයාගේ දුවගේ නමින් හරි අම්මගෙ නමින් හරිත් දෙනවා. සමහර නිලධාරී වසමේ පදිංචි කාලය බලලා ණය දෙන නිසා පදිංචි කාලය මදි වුනත් ණය දෙනවා. මේ නිසා අසරණ වෙන්නේ කණ්ඩායමේ අනික් අය. සමහර නිලධාරීන් කාන්තාවෝ සමග සම්බන්ධතා ඇති කරගෙන පවුල් අවුල්වෙන තත්වෙට පවා පත්වෙනවා. මේවා ආයතන ප‍්‍රධානීන්ට වැඩක් නෑ. අද ගමකට ගියාම ඇති තරම් මේ වගේ සමිති හොයා ගන්න පුළුවන්. ඒ වගේම ඒ සමිති නිසා සැමියා බිරිඳ අතර ඇතිවෙලා තියන ප‍්‍රශ්නත් දැනගන්න පුළුවන්.”
කේ. සී. පෙරේරා මහතා දක්වා සිටියේ මෙවැන්නකි.
”ඇත්තටම මේ ණය සමිති නිසා අපේ ගෙදරත් ප‍්‍රශ්න ඇතිවෙලා තියන අවස්ථා තියනවා. අපි ගන්න ණය හරියට ගෙවනවා. ඒත් තව කෙනෙක් ගන්න ණයක් ගෙවන්න අපිට බෑ. අපි කුඹුරු කොටලා කුලී වැඩක් කරලා ජීවත් වෙන්න උත්සහ ගන්න මිනිස්සු. නීතිය පැත්තෙන් මේවට ගන්න පියවර මොකක් වුනත් මේ ගම්වල ඉන්නෙ දුප්පත් උදවිය. මං දැක්කා විවිධ බලධාරීයෝ පුවත්පත්වලත් මේ ගැන කතා කරලා තිබුණා. ඇත්තටම මේ ආයතන මහ බැංකුවේ ලියාපදිංචි ඒවද නැද්ද කියන්නත් අපි දන්නෙ නෑ. සමහර ආයතන මුදල් ගෙදරටම ගෙනැත් දෙනවා. තව ආයතනවලට ණය ගන්න කලින් රුපියල් පන්දාහක් හයදාහක් අපි ඒ ආයතනයට බඳින්න ඕනේ. විසිපන්දාහක ණයක් ගන්නවනම් පන්දාහ ගෙවුවත් ඒ අය පොලිය හදන්නෙ විසිපන්දාහටම. ඔන්න ඕකයි මහත්තයෝ අද තත්ත්වය. මේ ආයතන නිලධාරීන් හැමෝම ඒ අයගේ යාළුවෝ. හැබැයි මේ අය නිසා ගම්වල මිනිස්සු නිරපරාදේ වෛර බැඳ ගන්නවා. මේ වගේ ණය ප‍්‍රශ්නයක් හින්දා මහව පැත්තේ කාන්තාවක් දරුවො දෙන්නත් එක්ක කෝච්චියටත් පයින්න ගියා. ඉතිං ණය දෙන ආයතන අධික පොලියක් අය කරන්නෙ ආයතනයේ පැවැත්මට. ඒත් ණයක් දෙද්දි මිනිස්සු ගැන ටිකක් හොයලා බලලා දීම තමා වටින්නෙ.”
කෙසේ වෙතත් මෙම ප‍්‍රශ්නය හමුවේ මිනිසුන් මුහුණ පා ඇති මෙම ගැටළුව පිළිබඳ විමසීමට අප එවැනි ණය සපයන ආයතන දෙකක නිලධාරීන් සම්බන්ධ කර ගත්තෙමු. (නම් ගම් සඳහන් කිරීමට අකැමැතිය.
”මිනිස්සු ඔය කියන කාරණා බොරුයි කියලා මම කියන්නෑ. එත් මේක අපේ රස්සාව. රජයෙ රැුකියාවක් කරන්න බැරි වුණාම අපි මෙහෙමවත් දෙයක් කරන්න ඕනේ. සා/පෙල පාස්නම් මේවගේ රැකියාවකට අද එන්න පුළුවන්. ඒ නිසා ගොඩක් තරුණයින් මේ ක්ෂේ‍්‍රත‍්‍රයට යොමුවෙනවා. හැබැයි හිතට එකගව බැලූවොත් අපි කරන්නෙ පොලියට සල්ලි දෙන එක. එක එක ආයතන එක එක පොලි අනුපාත යටතේ ණය දෙනවා. ඒත් ආයතනයෙන් අපිට දෙන ටාකට් එකක් (ඉලක්කයක් ) මත තමා අපිත් රැකියාව කරන්නෙ. මාසෙකට මිලියන පහක් හයක් ණය දෙන්න කියලා ටාකට් එක දුන්නාම අපි උත්සාහ ගන්නෙ කොහොම හරි ඒ ගානට ණය දීලා අපේ වැටුපට තවත් කීයක් හරි එකතු කර ගන්න. ආයතනික නීති අපිට වෙනස් කරන්න බෑ. අපිට තියන පීඩනය වැඩි වෙද්දි අපිත් බලන්නෙ කොහොම හරි කාට හරි ණයක් දෙන්න. ණය තුන හතර තියන ගෙදරකට වුනත් ඒ වෙලාවට අපිට ණයක් දෙන්න සිදු වෙනවා. අපි ආයතනයට දෙයක් දුන්නොත් විතරයි අවුරුද්දකට සැරයක් අපිට හම්බෙන බොනස් එක වුනත් ලැබෙන්නෙ. වැටුප කීයක් හරි වැඩිවෙන්නෙ. අපි රඳාපවතින්නෙ අපේ ණය හිමියො මත. අපෙන් ණයක් අරන් මොනා හරි දෙයක් කරගන්නවනම් අපිත් කැමතියි. ණය ගොඩක් තියාගෙන නොකා නොබී වුනත් වාරික ගෙවන මිනිස්සු ඉන්නවා. එත් අපියි ණය ගන්න අයයි දෙගොල්ලොම රේල්පීලි දෙක වගේ යන දෙන්නෙක්.”
මේ තවත් නිලධාරියෙක් පැවසු අදහසකි.
‘‘අද වෙද්දි මම මේ ක්ෂේ‍්‍ත‍්‍රයට ඇවිල්ලා වසර දෙකක් වෙනවා. වෙනත් ආයතනවල වැඩ කරලා තමා මමත් මේ තැනට ආවේ. ඒත් මේ ක්ෂේ‍්‍රත‍්‍රය තුළ ආයතන අතර පවතින තරගයත් එක්ක තමා මේ ප‍්‍රශ්න ඇතිවෙන්නෙ. අපි රජයේ රැකියාවලට ඉල්ලූම් කළත් අපිට රජයේ රැකියා ලැබෙන්නෙ නෑ. ඇත්තටම මේ වගේ රස්සාවක් කළාට හිතේ කිසිම සතුටකුත් නෑ. ගමකට ගියාම සාමාන්‍යයෙන් ණය සමිති හතරක්වත් අවම වශයෙන් තියනවා. ගමේ හැමෝම වගේ මේ සමිතිවලට සම්බන්ධ වෙලත් ඉන්නවා. ආයතනයෙන් අපිට දීලා තියනවා ගණුදෙනුකරුවන් මෙච්චර ගානක් අපේ ලැයිස්තුවේ තියාගන්න ඕනෙ කියලා නීතියක්. ඒ හැම දේම එක්ක තමා එක ගෙදරට වුනත් ණය තුනක් හතරක් දෙන්න අපිට සිදු වෙලා තියෙන්නෙ. අනික වසමක් ගත්තාම ඒ වසමේ තියන හැම ගමකම අපි සමිතියක් හදන්න ඕනේ. ආයතනයේ අපිට වඩා ඉහළ නිලධාරීන් අපිට දෙන ඉලක්ක අනුවයි අපිත් ගම් ගානේ යන්නෙ. අද වෙද්දි මාසෙකට ගල්ගමුවෙ තියෙන අපේ ශාඛාවෙන් විතරක් මිලියන විස්ස ඉක්මවලා ණය දෙනවා. මේ මාසේ මිලියන විස්සක් දැම්මොත් ඉහළ නිලධාරීන් ලබන මාසේ මිලියන විසි දෙකක් ඉල්ලනවා. ඔන්න ඕකයි අද තත්ත්වය. මෙන්න මේ ක‍්‍රමය වෙනස් වුනානම් මිනිස්සු මේ තරම් ණය කාරයෝ වෙන්නෙ නෑ. අනික තමා මේ ණය සමිතිවලට සම්බන්ධ වෙන්නෙ සල්ලි තියන අය නෙමේ නැති අය. අපිත් වෙලාවකට ඒ අයට තේරුම් කරනවා. ඒත් එයාලා කියන්නේ මෙහෙවත් ණයක් අරන් මේ දේවල් කරගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියලා’’
කෙසේ වෙතත් ගල්ගමුව නගරය මූලික කර ගනිම්න් පිහිටා ඇති මෙම මූල්‍ය ආයතනවල කි‍්‍රයාකාරිත්වය හමුවේ ගම්වල මිනිසුන්ට බලපා ඇති මෙම ගැටළු පිළිබඳ අප විමසා සිටියේ ගල්ගමුව පොලිස් ස්ථානාධිපති එච්. එම්. සී. පී හේරත් මහතාගෙනි.
‘‘අද ගල්ගමුව නගරයේ තියන මේ ණය දෙන ආයතන හැම ගමකම ගණුදෙනුකරුවන් පිරිසක් වටකරගෙන මේ විශාල පොලී අනුපාත යටතේ ණය ලබා දෙනවා. මේ අයගේ ප‍්‍රධාන ඉල්ලකය තමා කාන්තාවන්. එක ආයතනයක් ගමකට ගියාම ඒ ආයතනය හරහා අනික් ආයතනත් ඒ ගමට යනවා. ඔය විදිහට ගිහින් එක කාන්තාවක් ආයතන හතර පහකින් ණය ගන්නවා. ඊට පස්සෙ ණය ගෙවා ගන්න බැරිව හිරවෙනවා. ජීවත් වෙන්න කුලියක් කරන මිනිස්සු සතියකට තුන් හාරදාහක් ගෙවන්නෙ කොහොමද කියලා ණය දෙන ආයතනවල නිලධාරීන් දැනගන්න ඕනේ. මේ තත්ත්වයන් උඩ අද ගම්වල හොරකම් දූෂණ වගේ දේවලූත් සිදු වෙනවා. තවත් අය විවිධ අපචාර කටයුතු සිදු කරනවා. නැති බැරි දුප්පත් මිනිස්සු සල්ලිවට ආසයි. ඒ නිසා ඒ අය බලන්නෙ කොහොම හරි දෙන මුදල ගන්න. ආයතන දහයකින් දුන්නොත් දහයෙන්ම ණය ගන්න මනුස්සයෝ අද ඉන්නවා. මේ නිසා මේ සම්බන්ධව ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට අපි සිවිල් සංවිධාන, ආරක්ෂක කමිටු යනාදිය මගින් කටයුතු කරගෙන යනවා. මම යෝජනා කරන්නේ මේක පිළිලයක් කරන්නෙ නැතුව එක් කාන්තාවකට එක් ණය මුදලක් දීමට කටයුතු කිරීම වැදගත් කියලා.’’
එමෙන්ම ඇතැම් ආයතන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් වසම්වල තොරතුරු ලබා ගැනීමට උපයෝගී කර ගන්නේ ප‍්‍රාදේශිය ලේකම් කාර්යලවල ඇති සම්පත් පැතිකඩ බවද අප සෙවූ තොරතුරු අනුව තහවුරු කරගත හැකි විය. ඇතැම් නිලධාරීන් විසින් තම ඉල්ලක සපුරා ගැනීම සඳහා ආයතනික නීතිරීතිවලට පරිබාහිරවූ කි‍්‍රයාවන් සිදු කරන නිසා ණය මුදලක් ලබා දිය නොහැකි අයෙකුට වුවද ණය මුදල් නිර්දේශය සිදුකරන අයුරුත් ඒ නිසා ඇතැම්විට අමාරුවෙන් ජීවිකාව ගෙන යන දුප්පත් පවුල්වලටද මේ ණය මුදල් ලබා දීම සිදු වේ. ඒ වාගේම ඇතැම් ආයතන ණය මුදල් ලබා දීමට මත්තෙන් සලකා බලන ප‍්‍රධාන නිර්ණායකයන් කිහිපයක් වේ. එනම් ආදායම් වියදම් තත්ත්වය, නිවසේ පිළිවෙල, සැමියාගේ රැකියාව, පිරිසිදුබව ආදී කරුණු ඒ අතර වේ. කෙසේ වෙතත් ඇතැම් විට තම ඉල්ලක සපුරා ගැනීමට නොහැකි වූ විට මෙම නියමයන්ට යටින් සපයණ ණය මුදල්ද නැතුවාම නොවේ. ඇතැම්විට ණය ලබා දීමට නිවසට පැමිණෙන නිලධාරීයා සහ අදාල ගණුදෙනුකාර කාන්තාව අතර පවතින විශ්වාසය මත ආදායම් මදි වුවද විවිධ විවිධ ආදායම් එක් කරම්න් මෙම ණය මුදල් සපයන ආකාරයද මෙම ප‍්‍රශ්න ඇති වීමට බලපා තිබේ.
කෙසේ වෙතත් මෙම ආයතන මගින් සපයන කුඩා කණ්ඩායම් ණය කි‍්‍රයාවලිය හරහා යමින් ගල්ගමුව නගරයේ ඇතැම් ආයතන ඒකාබද්ධ වී ඇති අයුරුද දක්නට ලැබේ. එමෙන්ම ඇතැම් ගම්වල යමක් කමක් ඇති පුද්ගලයින් පවා දෛනික වාරික පදනම මත මෙවැනි ණය මුදල් ලබා දීමේ කි‍්‍රයාවලිය මේවන විට ආරම්භ කර තිබේ. එහෙත් මෙවැනි ආකාරයෙන් ලබා ගන්නා මුදල් ගම්වල දුප්පත් මිනිසුන් විසින් ගෙවන්නේ හදවතින් සිය දහස් වාරයක් හූල්ලමිනි. ඇතැම් කාන්තාවන් තමාට නියමිත දිනට අදාල වාරික මුදල් නැති වූ විට ඇතිවන අසරණ තත්ත්වය හමුවේ පුදුමාකාර වේදනාවකින් විඳවන අයුරු ශෝචනීය තත්ත්වයන් මතු කරන්නක් වී තිබේ. මේ නිසා ඇතැම් කාන්තාවන් ණය මුදල් ලබා ගැනීමෙන් පසුව ගම හැරදා ගිය අවස්ථාද තිබේ. එවිට කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් අසරණ වුවද ඔවුන් විසින් ඒ ණය මුදල් පියවිය යුතුය. අප සෙවූ තොරතුරු අනුව අපට හමුවූ තවත් වැදගත් තොරතුරක් වූයේ වෙනත් ආයතනවල ණය පියවීමට හා පොලියට දීමට පවා මෙම ආයතනවලින් ඇතැම් පුද්ගලයින් ණය ලබා ගන්නා බවය. තවද ගිරිබාව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ගත්විට ලෝකහෙට්ටිගම, සෝලෙ වැව, වරාවැව, ගිරිබාව, බඹරේ යන ගම්වල සමිති හතකට ආසන්න ප‍්‍රමාණයක් ඇති බවත්, ගල්ගමුව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ගොජරාගම, මාකලානේගම, ජයලන්ද වැනි ප‍්‍රදේශවල මෙම ආයතන හයක් පමණ ගනුදෙනුකරන බවත් අපට තොරතුරු සැපයූ මූලාශ‍්‍ර මගින් සොයා ගත හැකි විය.
මෙවැනි තත්ත්වයක් මත යමින් අද වන විට සෑම නගරයකම මෙම ආයතනවල ශාඛා ජාල පිහිටුවමින් රටේ තොටේ අස්සක් මුල්ලක් නෑරම ඒවායේ ණය ගනුදෙනුකරුවන් වැඩිකර ගැනීමට කටයුතු කරමින් සිටිති. එමෙන්ම මේ ආයතනවල පවතින කල්බදු ක‍්‍රමයට (ලීසිං) ණය පහසුකම් ලබා දෙන ක‍්‍රමයක්ද ඇති අතර ණය ලබාගෙන ඇති අයටද එම කල්බදු පහසුකම්ද ලබා දෙන්නේ කිසිඳු අවධානමක් ආයතනය මගින් නොගෙනය. ඉන් පසු ණය හිමියා මත චෝදනා පැටවීම මෙම ආයතනවල සුලභ ලක්ෂණයක් වී ඇතැයි අප සමග තොරතුරු කියා සිටි පුද්ගයින් කීහ.
මෙවැනි තත්වයක් යටතේ ගල්ගමුව නගරයේ ඇති රාජ්‍ය බැංකුවලට හෝ නැති ගණුදෙනුකරුවන් පිරිසක් මෙම මයික්‍රෝ ආයතන හා සම්බන්ධ වී සිටිති. පිළිලයක් ලෙසින් මුල් දුවා ඇති මෙම ණය කි‍්‍රයාවලිය පිළිබඳ අදාල බලධාරීන් විසින් තීන්දු තීරණ ගැනීම කඩිනමින් සිදු විය යුතු බවට අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. ක්ෂණික ණය කි‍්‍රයාවලිය හරහා යමින් මෙම අධික පොලියක් අය කරන මුදල් විකාශන යාන්ත‍්‍රණය සාධාරණීකරණය කිරීමට ඒ හරහා අවස්ථාව උදා වනු ඇත.
තොරතුරු ගවේෂණය සහ සටහන – ගල්ගමුව අරෝෂණ මාන්නප්පෙරුම