Sunday, January 19, 2025

මයික්කුලම ප්‍රදේශයේ ගවයින් සොරකම් කිරීම වැඩිවෙයි

Must read

cow 1

හලාවත – මයික්කුලම ප්‍රදේශය තුළ සිදුවන ගව සොරකම දිනෙන් දින ඉහළ ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.හලාවත – මයික්කුලම ප්‍රදේශයේ ජීවත් වන බොහෝ දෙනෙකු තම ජීවිකාව ලෙස කිරි ගවයින් ඇති කිරීම සිදු කරන අතර දිවා කාලයේ දී මෙම ගවයින් අයාලේ යැවීම ඔවුන් පුරුද්දක් කර ගෙන ඇත. එසේ අයාලේ යන ගවයින් අල්ලා මසට අලවි කිරීමේ ජාවාරමක් ප්‍රදේශය තුළ කාලයක සිට පවතින බවට පැමිණිළි රැසක් හලාවත පොලීසියට මේ වන විට ලැබී ඇති බව වාර්තා වේ.

පසුගිය 15 වැනිදා සිට තමන්ට අයත් ගවයින් දෙදෙනෙකු අතුරුදහන්වී ඇති බව හලාවත – මයික්කුලම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු හලාවත පොලීසියට පැමිණිළි කරමින් සදහන් කරයි. අතුරුදහන්වී ඇති එක් ගවයෙකු රුපියල් 75,000 ක් වටිනා බවත්,අනෙක් ගවයා රුපියල් 35,000 ක් වටිනා බවත් පැමිණිළිකාරියන් පොලීසියට පවසා ඇත.

එම ප්‍රදේශයේ ජීවත් වන අයෙකු තම ගවයින් අල්ලා ගෙන පසුව ඔහුගේ ඥාතියෙකු විසින් පවත්වා ගෙන යන ගව මස් අලවි සැළකට අලවි කරන බවට සැකයක් ඇතැයිද මයික්කුලම ප්‍රදේශවාසීන් කියා සිටී.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article