Saturday, January 18, 2025

භාණ්ඩ වල මිල 19%කින් මිල අඩු  කර තිබෙනවා -“රනිල් වික්‍රමසිංහ මේ දින 100 ඇතුළේ හිටියනම් කී පාරක් රට ගිහිල්ලද?

Must read

පසුගිය වසරේ සිට මේ දක්වා පාරිභෝගික භාණ්ඩවල මිල 19%කින්  අඩුවී ඇතැයි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

සතොස වෙළෙඳසැල් ජාලයේ පමණක් පසුගිය මාස 04 තුළදී භාණ්ඩ වර්ග 25ක මිල අඩුවී ඇතැයිද කීය. අද(09) පාර්ලිමේන්තුවේදී  ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන පනත යටතේ නියෝගයක් සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ යටතේ නිවේදන කිහිපයක් යටතේ වූ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. 

“රනිල් වික්‍රමසිංහ මේ දින 100 ඇතුළේ හිටියනම් කී පාරක් රට ගිහිල්ලද? අපේ ජනාධිපතිතුමා රාජ්‍ය ත්‍රාන්තික ගමන් 02යි. මේ දින 100ට ගියේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගමන් 02ක් පමණයි. මෙම දින 100 ඇතුළේ එක් අමාත්‍යවරයෙකුට හෝ එක් චෝදනාවක් එල්ල වී නැහැ. රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය හිටිය නම් අද වන විට කී පාරක් රට ගිහිල්ලද.  මෙතන ඇමතිිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට  වංචා දූෂණ සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නැහැ. දින 49කින් ප්‍රාතිහාර්ය පාන්න බැරි බව මේ රටේ ජනතාව දන්නවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ අපි ගමට ගෙනිහින් තියෙනවා. නමුත් එක රුපියලක්වත් වංචා දූෂණ  සිදු කර නැහැ.

විශේෂ වෙළෙඳභාණ්ඩ පනත සම්මත කරගෙන සිදු කළ  සුදුලූණු වංචාව, සිනි වංචාව වැනි වංවාවල් තිබෙනවා.

2024 ජනවාරි සිට මෙම ජනවාරි මාසය වන විට පාරිභෝගික භාණ්ඩ වල මිල 19%කින් මිල අඩු  වී තිබෙනවා.  සතොස වෙළෙඳසැල් ජාලයේ භාණ්ඩ  වර්ග 25ක මිල අඩු වී තිබෙනවා.පාර්ලිමේන්තුවට ඇවිත් තවම දින 49යි.

නීතිමය නියමයන් නිසා පසුගිය රජයන් සම්මත කර ගත් අණපනත් ඒ ආකාරයටම පවත්වාගෙන යාමට සිදු ව ඇති බවත්, ඉදිරියේදි මේවා වෙනස්  කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළේය.

සිමෙන්ති වල මිල අඩුකළ ගැසට් පත්‍රයේම කලුගල් අපනයනය කිරීම සඳහන් කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article