Sunday, January 19, 2025

බොරළු වලකට දබරවූ පුද්ගලයන් දෙදෙනෙකු ගැටී පුද්ගලයෙකට අසාධ්‍යයි

Must read

attackබොරළු වළක් සම්බන්ධයෙන් ඇති වූ කථා බහක් දුර දිග යාමෙන් අනතුරුව සිදුවී ඇති ගැටුමකින් බරපතල ලෙස තුවාල ලබා ඇති අයෙකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව ආණමඩුව පොලීසියෙන් වාර්තා වේ.

පසුගිය 16 වැනිදා රාත්‍රීයේ ආඩිගම – කට්ටකඩුව ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුවී ඇත. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ආඩිගම – කීරියන්කල්ලිය පාර,කට්ටකඩුව පදිංචිකරුවෙකු වන තරැව්ගොඩගේ දොන් සුජිත් චමින්ද (අවු:39) නම් අයෙකි.16 වැනිදා රාත්‍රීයේ තුවාලකරු සහ තවත් අයෙකු ප්‍රදේශයේ පවත්වා ගෙන යන බොරළු වළක් සම්බන්ධයෙන් බහින් බස් වීමක් ඇති කරගෙන ඇත.අනතුරුව ගැටුම සිදුවී ඇත.

සිද්ධියෙන් තුවාල ලබා සිටි අයව ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.තුවාලකරුගේ තත්ත්වය බරපතල බැවින් ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට හලාවත මහා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.තුවාලකරුට කඩු පහරක් එල්ලවී තිබිම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වී ඇති බවද පොලීසිය කියයි.

සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරු හදුනා ගෙන ඇති නමුත් ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article