Sunday, January 19, 2025

බෙන්ජි ගාමන්ට් එකේ බස් ටෙන්ඩර් පොරය අවසන් ?

Must read

benji ltd
බිංගිරියේ පිහිටා ඇති බෙන්ජි  ඇඟළුම් කම්හලේ  ප්‍රවාහන ටෙන්ඩරයට  පළාතේ  දේශපාලන මැදිහත්වීමක් හේතුවෙන්  මතුවූ අර්බුදය විසඳීමට  අද එහි පාලකයන් හා පොලීසිය සහභාගී වූ සාකච්ඡාවක් පැවැත්වී තිබේ. වයඹ පළාතේ  බිංගිරිය ග්‍රාමයේ පිහිටා ඇති  මෙම ඇඟළුම් කම්හල ඉතාලි ජාතිකයෙකුට අයත්වේ. මෙම ආයතනයේ සේවක සේවිකාවන්  3500ක් පමණ සේවය කරන අතර කුරුණෑගල , පන්නල , හලාවත , බිංගිරිය යන ප්‍රෙද්ශ වල ජනතාවට මෙම ආයතයෙන් රැකියා අවස්ථා  ලැබී ඇත. අවට ප්‍රෙද්ශ වල සිට මෙම ඇගළුම් කම්හලට සේවකයන් ප්‍රවාහනය කරන බස් රථ 60ක් ද වෑන් 260ක් ඇති බවත්  මෙම ටෙන්ඩරය පුද්ගලයන් 05 දෙනෙකු අතරේ බෙදී ගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වේ. මෙම ප්‍රවාහන ටෙන්ඩරය ලබාදී ඇති 05 දෙනා එම උප  ටෙන්ඩර්කරුවන්ට ද ලබාදී තිබේ.
ඒ අනුව එම වාහන වල රියදුරන් 320ක් ද කොන්දොස්තරවරයන් 320ක් ද රැකියා කරති.

රැකියා අවස්ථා වලට දේශපාලන අතපෙවීම්

ආරවුල පැන නැගුනේ වර්තමාන ජනාධිපතිවරයා පත්වීමත් සමගය.  පොහොට්ටු පක්ෂයේ දේශපාලන බලය වැඩිවීමත් සමග මෙම ටෙන්ඩරය බෙදී ගොස් තිබූ දේශපාලන බලපුලුවන්කාර චරිත අතරට අලුත් චරිතයක් එක්වී ඔහුගේ අනුගාමිකයන්ටද මෙම ප්‍රවාහන ටෙන්ඩරය ලබාදෙන ලෙසට මෙම  ඇඟළුම්  ආයතනීයේ ප්‍රධානීන්ට බලපෑම් කරන්නට  පටන් ගත්තේය.  ඒ සමගම ආයතනය සේවයට පැමිණෙන සේවිකාවන්ට හා බස් රථ වලට යම් පිරිසක් තර්ජනය කරන ලදී. පසුගිය 10 වනදා සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර සේවිකාවකගේ අතකටද තුවාල වී තිබුණි. මේ සම්බන්ධයෙන් හලාවත පොලීසියටද  පැමිණිල්ලක් කර තිබූ බව වාර්තා විය. මෙම රැකියා අවස්ථා වලට මීට පෙර මන්ත්‍රී ශාන්ත අබේසේකර, දයාසිරි ජයසේකර,නලින් බන්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  අනුගාමිකයන්ට පමණක් ලබාදී තිබුණ බව ටද තොරතුරු වාර්තා වේ.

තාවකාලිකව ප්‍රශ්නය විස‍‍ෙඳයි

පසුගිය දිනවල බෙන්ජි ඇඟළුම් ආයතනයේ ඇතිවූ කලබලකාරි තත්ත්වය මෙන්ම සේවක සේවිකාවන්ගේ අනාරක්ෂිත තත්ත්වය මත මෙම ප්‍රශ්නය විසඳීමට පාලක පක්ෂයත් පොලීසියත් මැදිහත් වී සාකච්ඡාවක් පවත්වා ඇත.  එහිදී මෙම ප්‍රවාහන ටෙන්ඩරයේ රැකියා 22ක් කැබිනට් අමාත්‍ය සනත් නිශාන්ත මන්ත්‍රීවරයාටත්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට රැකියා අවස්ථා 22ක් සහ ඉතිරි 56 පෙර බෙදාදී තිබූ ආකාරයටම ක්‍රියාත්මක කරමින්  ප්‍රශ්නය විසඳාගෙන තිබේ.

බිංගිරිය ග්‍රාමයේ ජනතා හඩ
වයඹ පළාතේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ දේශපාලනඥයින්ගේ අතපෙවීම් වලට අනුව රැකියා අවස්ථා ලබාදී ඇති බෙන්ජි ඇඟළුම් හල පිහිටා තිබෙන්නේ බිංගිරිය ග්‍රාමයේය.  මෙම ඇඟළුම් කම්හලේ රැකියා අවස්ථාවන් බිංගිරිය  ප්‍රෙද්ශයේ  රැකියා අහිමි තරුණ තරුණියන් හට ලබාදිය යුතු බව එම ජනතාවගේ අදහසයි.

Edit

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article