(11.37am)පසුගියදා නයිනමඩම කුමුදුවැලි රිසොට් හීදී හලාවත දූෂණ මර්ධන ඒකකය විසින් මහා පරිමාණයෙන් කරගෙන ගිය බූරුවා ගැසීමේ ජාවාරමක් වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් 08 දෙනාගේ සේවය අත්හිටුවා වෙනත් ස්ථාන වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් රු කෝටියකට ආසන්න මුදල අධිකණයට ඉදිරිපත්නොකර සිටීම සහ බුරුවා ගැසීමට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් නිදහස් කර යැවීම පිටුපස මෙම නිලධාරීන් විසින් නීතිය සමඟ සෙල්ලම් කිරීමක් සිදුකර ඇති බව හෙළිදරව් වී තිබේ. මේ සම්බන්ධයෙන් මේ වන විට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ වී තිබේ.
බූරුපොල වැටලූ පොලිස් නිලධාරීන් 08 දෙනාගේ සේවය අත්හිටුවයි
