සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණට එරෙහිව පවතින නඩු සඳහා නගරාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥයින් වෙනුවෙන් නඩු ගාස්තු මහජන මුදලින් ගෙවීමට ඊයේ (17) සභාවේ යෝජනා සම්මත කරගෙන අනුමැතිය ලබාගෙන ඇත.
ඒ අනුව, කුරුණෑගල නගර සභාවේ මුදලින් නඩු කටයුතු සඳහා රුපියල් විස්එක් ලක්ෂ අසූදාහක (රු. 2,180,000) මුදලක් ගෙවීමට අදාළ යෝජනාවෙන් අනුමැතිය ලබා ගෙන තිබේ.
කුරුණෑගල මහනගර සභාව ඊයේ (17) රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳව ඉදිරිපත් වූ යෝජනාව, මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ එකඟතාවයෙන් සම්මත වී ඇති අතර මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඊට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත.
මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී රණුක සනංජය, එක්සත් ජාතික පක්ෂයේ සුමේධ අරුණශාන්ත සහ කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා පමණි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න පෙරේදා (16) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියේ මෙම නඩුවේ ගාස්තු ගෙවීමේ යෝජනාව සම්මත කරගතහොත් ඊට එරෙහිව නීතිය හමුවනට යන බව ය.
theleader.lk