බිරිද සමග අමනාප වී නැවත නිවසට නොඑන බව පවසා තෙප්පමකින් මුහුදු ගොස් ඇති ධීවරයෙකු අතුරුදහන්වී ඇති බව වාර්තා වේ. උඩප්පුව පොලීසියේ ආරංචි මාර්ග අනුව අතුරුදහන්වී ඇත්තේ උඩප්පුව – සෙල්වපුරම් පදිංචිව සිටි සෙල්ව කදිරගාමර් සුන්දර රාජා (අවු:52) නම් අයෙකි.පසුගිය 02 වැනිදා සවස 3.00 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත.
නිවසේදී බිරිද සමග ආරවුලක් ඇති කරගෙන ඇති මෙම අය නැවත නිවසට නොඑන බව පවසා පිටත්ව ගොස් ඇති ඔහු වෙනත් අයෙකුට අයත් තෙප්පමකින් මුහුදට ගොස් ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.තෙප්පම මුහුදේ පා වෙමින් තිබියදී සොයා ගෙන ඇතත් ඉන් මුහුදට ගිය ධීවරයා සම්බන්ධයෙන් තොරතුක් නොමැති බව පොලීසිය කියයි. මෙම අය මුහුදට පැන සිය දිවි හානි කර ගන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි. අතුරුදහන්වී ඇති ධීවරයා සොයා ප්රදේශයේ ධීවරයින් සහ නාවුක හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත. උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.