මෙරට සම්පූර්ණ ඉල්ලුම ම සපුරාලිය හැකි ප්‍රමාණයටත් වැඩි බිත්තර නිෂ්පාදනයක් පැවැතියදී ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 28 ක් පමණ ආනයනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කියයි.
හෙතම මේ බව ඊයේ (08 දා ) එම සංගමය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ රත්නායක මහතා පැවසුවේ පාරිභෝගික කටයුතු හා වෙළද අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීම මත බිත්තර පිරවූ කන්ටේනර් 6 ක් මේ වනවිටත් නැව්ගතකොට අවසන් බවය. මෙම තත්වය හමුවේ කෝටි ගණනින් ණය වී සිටින බිත්තර ගොවීන්ට සිය දිවි හානිකරගැනීමට සිදුවෙනු ඇති බවද හෙතෙම පැවැසීය.
අදාල මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශණ පහතින් දැක්වෙයි.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර