2002 වර්ෂයේ ජුනි මස 03 වෙනි දින වත්තල පොලිසිය විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන කෲර වදහිංසනයට ලක් කිරිමෙන් අනතුරුව, එසේ වදහිංසනය කරනු ලැබූ පොලිස් නිලධාරියෙකු සම්බන්ධ වී කළ සැලසුමකට අනුව, 2004 නොවැම්බර් 21 ක් වෙනි දින වෙඩි තබා ඝාතනය කෙරුණු වත්තල පදිංචිව සිටි කොළඹ ඩොක්කෙයාඞ් ආයතනයේ සේවයක කළ තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතාට වදහිංසා කිරීම සම්බන්ධව මීගමුව මහාධිකරණයේ පැවති අවසාන නඩුවත් පසුගිය ජුනි 28 වනදා අවසන් විය.
අප රටේ අධිකරණ ක්රමයේ හා අපරාධ පරීක්ෂණ ක්‍රමවේදයේ ඇති ගැටලූත්, අපරාධ පරීක්ෂණයේ යෙදෙන සමහර නිලධාරීන්ගේ මානසික මට්ටම් පිළිබදවත් අත්දැකීම් සම්භාරයක් එක්කළ සිද්ධියක් ලෙස ජෙරාඞ් පෙරේරා සිද්ධිය නම් කළ හැක. මෙම සිද්ධියේ දී දිස්ති‍්‍රක් උසාවිය හැර ශී‍්‍ර ලංකාවේ අධිකරණ පද්දධියේ ඇති අනෙක් සෑම උසාවියකම මෙම සිද්ධියට අදාල නඩු අවුරුදු 17ක් තිස්සේ විභාග විය. ” ප්‍රමාද වී ලැබුන යුක්තිය ” මෙම සිද්ධිය පිළිබදව නීතිඥ උපේන්ද්‍රා ගුණසේකර මෙනවිය විසින් රචිත ග්රන්ථයකි.