ඔහුගේ 75 වන උපන් දිනය දා එනම් පසුගිය මැයි පළමු වනදා කොළඹ පැවති මැයි දින වැඩසටහනක් අවසානයේ ඔහු මා අමතා ” මං යනවා දිසා ” කියමින් ඉදිරියට හමු වන අයටද කතා කරමින් ඉතා කඩිනමින් එම ස්ථානයෙන් පිටව ගියේය.
පුදුමය දනවමින් අද වනවිට ඔහු සදහටම මෙලොවින් පිටව ගොස් අැති බව දැන ගන්නට ලැබුණි.
එ් නිරහංකාර මිනිසා නැවත කිසිදා අපට හමු නොවුනද ඔහු පිළිබඳ මතකය අපගේ දිවිය පුරා අපට අමතක නොවේ.
(photo credit – Movement for Land and Agricultural Reform)