මහින්දගේ රැස්වීමේදී හොරා කී විමලේ මාමාට අසංක ඇප දෙයි.
පසුගිය සතියේදී වඩාත් කතාබහට ලක් වූ සිදුවීම වූයේ සන්ධාන කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නිකවැවේදී පැවැති රැස්වීමකදී එක් පුද්ගලයෙකු ‘හොරා, හොරා’ යැයි කෑගැසීමේ සිදුවීමයි. අදාළ පුද්ගලයාට හොද හැටි ගුටි බැට වදින ආකාරයත්, පසුව ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැගෙන යන ආකාරයත් රූප රාමු සහිතවම රූපවාහිනි නාලිකා ඔස්සේ පවා විකාශණය කෙරිණි. අදාළ රැස්වීම සංවිධානය කර තිබුණේ සන්ධාන අපේක්ෂක අසංක නවරත්න විසිනි. ඒ සිය මහගෙදර වූ නිකවැව පිහිටි නිවසේදීය. මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වන්නට ලැබී තිබූ අවස්ථාව අනුව අසංක විසින් නිකවැව තෝරාගෙන තිබුණේ කුරුණෑගලට වඩා නවරත්න පවුලේ ඥාති හිතවතුන් නිකවැවේ වාසය කිරීමත්, මහින්ද වසර ගණනාවකින් ඒ පළාතට පැමිණ නොතිබීමත් නිසාය. වැඩිදෙනෙකුගේ හිතසුව පිණිස නිකවැව තෝරාගත් නමුත් රැස්වීම ආරම්භයේ සිටම අසංකට සුපුරුදු පරිදිම එල්ල වූයේ කැපිලි , කෙටිලි පමණි. අදාළ රැස්වීමට මහින්ද නොපැමිණෙන බවට ඇතැම් පිරිස් විසින් පතුරුවා හැර තිබූ ආරංචිවලට අමතරව එදින පස්වරුවේ මහින්දගේ ප්‍රධානත්වයෙන් අඹන්පොළදී පැවැත්වෙන රැස්වීමක් වෙනුවෙන් තාරනාත් බස්නායක විසින් හතරවටින් සෙනග අදින්නට පටන්ගෙන තිබුණේ එදින උදෑසන සිටමය. මහින්ද එන අතරමගදී පිළිගැනීම් බව කියමින් තවත් ස්ථාන ගණනාවකටම සෙනග එකතු කරමින් සිටින බවද අසංක වෙත දැනගන්නට ලැබිණි. වෙන දෙයක් වෙච්චාවේ යැයි හිත හදාගෙන අසංක තමාගේ රැස්වීමට සූදානම් වූ අතර අසංකගේ වේලාව හොදකම නිසාදෝ රැස්වීම ආරම්භ වන විට දෙදහසකට අධික ජනකායක් අසංකගේ නිකවැව මහගෙදර භූමියට එක් වී සිටියහ. අදාළ කෑගැසීම සිදුවෙද්දී වේදිකාවේ කතාකරමින් සිටියේ අසංකය. සෙනග අතර සිටි අයෙකු ‘හොරා, හොරා’ යැයි කියමින් දිගින් දිගටම කෑ ගැසූ නමුත් ඊට ප්‍රතිචාර දක්වන්නට නොගිය අසංක සිය කතාව දිගටම කරගෙන ගියේය. අසංක සිය කතාව නිම කර මහින්ද ළ`ගින් වාඩිවිය. ” ඇයි අර හොරා කියපු එකට කතාවේදි උත්තර දුන්නේ නැත්තේ. ? ” මහින්ද අසංකගෙන් ඇසීය. මම ඒ කතාවට උත්තර දෙන්න ගියේ නෑ. ඒකට ගියා නම් තවත් වෙලාව නාස්තිවෙනවා. අනික මිනිස්සු වෙන වෙන දේවල්වලට යන්නත් තිබුණා.” යැයි මහින්දට පිළිතුරු දුන් අසංක වේදිකාවෙන් බැස සෙනග අතරට ගියේය. සිය ආධාරකරුවන් අසලට ගොස් සිද්ධියේ ඇත්ත නැත්ත අසාගත් අසංකට පොලිසිය විසින් කුදලාගෙන ගොස් ඇත්තේ විමලේ මාමා නමින් හදුන්වන වරාවැව ප්‍රදේශයේ පදිංචි සිය ප්‍රබල ආධාරකරුවෙකු බව වැටහිණි. අසංකගේ කලාපීය නායකයෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටින මෙම පුද්ගලයා එදින රැස්වීමට පැමිණ සිටියේ බස් එකක් පුරවාගත් සෙනගද සමගිනි. කෙසේවෙතත් රැස්වීමට එන්නට පෙරම හොදින් සප්පායම් වී සිටි විමලේ මාමා රැස්වීම් භූමියට පය තැබූ වේලාවේ සිට රනිල් හොරා, රනිල් හොරා යැයි කෑ ගසමින් සිටි බවත්, අසංකගේ කතාව අතරතුරේදී කෑගැසුවේත් රනිල් හොරා යැයි කියමින් බවත් අවට සිටි පිරිස කීහ. රැස්වීම් භූමියේ සිටි කිහිපදෙනෙකු විසින් මහින්දට හොරා කීවා යැයි වරදවා වටහාගැනීම නිසා විමලේ මාමාට අනපේක්ෂිත ගුටිපූජාවකට ලක්වෙන්නට සිදු වූ බවත් සිද්ධිය ඇසින් දුටු පිරිස් විසින් අසංකට පහදා දුන්හ. සිද්ධියේ අගමුල වටහාගත් අසංක යළි වේදිකාවට නැග මහින්දට පහළ සිදු වී ඇති දේ තේරුම් කර දුන්නේය. කාරණාව තේරුම්ගත් මහින්ද වේදිකාවෙන් නික්ම ගියේ අසංකටද ඒ ගැන අමතක කර දමන ලෙස පවසමිනි. මහින්ද නික්මයාමෙන් අනතුරුව රැස්වීමද නිමා වූ අතර රැස්වීමට පැමිණිසිය ආධාරකරුවන් සමග කෙටි වේලාවක් ගත කළ අසංක කෙලින්ම ගියේ පොල්පිතිගම පොලිසියටය. ඒ වනවිටත් පොලිස් භාරයේ පසුවූ විමලේ මාමා පොලිස් ඇපයක් මත මුදවාගත් අසංක ඔහු සිය වාහනයේම නංවාගෙන නිකවැව නිවස වෙත ආවේය. සිදු වූ දේ සිතාගත නොහැකිව වික්ෂිප්ත වී සිටි විමලේ මාමා ඇතුඵ පිරිස අසංක විසින් ආපසු වරාවැව වෙත පිරිස වෙත පිටත් කෙරුණේ දිවා ආහාරයෙන්ද සංග්‍රහ කිරීමෙන් අනතුරුවය.
මෛත්‍රීගේ බෑණා අලවතුවල නිවසේ
පසුගිය ඉරිදා මිල්ලව පිහිටි අලවතුවල නිවසට සුවිශේෂි අමුත්තෙකු හදිසියේ පැමිණියේය. ඒ ජනාධිපති මෛත්‍රීගේ බෑණනුවන් වන තිළිණ වේවැල්පනාවය. ජනපති මෛත්‍රීගේ දියණියක සමග විවාහ වී සිටින , ආරක්ෂක අමාත්‍යංශට අයත් නිලයක්ද දරමින් සිටින් තිළිණ , කුරුණෑගලට පැමිණ තිබූ ගමනක් අතරතුරේදී අලවතුවලගේ නිවසට ගොඩවී යන්නට පැමිණ තිබිණි. හදිසියේ සිය නිවසට පැමිණි තිළිණ සාදරයෙන් පිළිගත් අලවතුවල යුවළ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව සුහද සාකච්ඡාවකද යෙදුණහ. අලවතුවලගේ මැතිවරණ ව්‍යාපාරය අන් අපේක්ෂකයින්ට වඩා ඉහළ මට්ටමක පවතින බව තමන්ට දැකගත හැකි වූ බව කී තිළිණ ලැයිස්තුවේ මුල්තැනකට ඒමට ලැබේවා යැයි අලවතුවලට සුබපතන්නටද අමතක නොකළේය. දෙදෙනාගේ සාකච්ඡාව එලෙස පැවැත්වෙද්දී අලවතුවල නිවසට තවත් අමුත්තන් පිරිසක්ද පැමිණ සිටියහ. ඒ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රවණාබාධිත සංගමයේ නිලධාරී මණ්ඩලය නියෝජනය කරන සියයකට අධික පිරිසකි. අලවතුවල විසින් විවිධ අවස්ථාවල තමන්ට කර තිබූ උදව් උපකාර පිළිබදව සිහිපත් කරමින්, මෙවර මැතිවරණයේදී පන්දහසකට අධික සිය සාමාජිකයින්ගේ සම්පූර්ණ සහයෝගය අලවතුවල වෙනුවෙන් පළකරන බව අලවතුවල හමුවී සැළකිරීම ඔවුන්ගේ අරමුණ විය. ශ්‍රවණාබාධිත සංගමයේ නිලධාරී පිරිසක් පැමිණි සිටි බව සැළ වූ අලවතුවල ඔවුන් හමුවීමට ගියේ තිළිණද සමගිනි. අලවතුවල සහ තිළිණ භාෂා පරිවර්තිකාවක් මගින් ශ්‍රවණාබාධිත පිරිස සම`ග කතා කළ අතර එය බෙහෙවින් සංවේදී දසුනක් විය. ශ්‍රවණාබාධිත පිරිස හස්ත මුද්‍රාවෙන් පැවසූ දේ භාෂා පරිවර්තිකාව විසින් අලවතුවල සහ තිළිණ වෙත චචනයෙන් තේරුම් දුන් අතර අලවතුවල සහ තිළිණ දෙදෙනොගේ ප්රතිචාරයන්ද හස්ත මුද්‍රාවෙන් ශ්‍රවණාබාධිත පිරිස වෙත තේරුම් කර දුන්නාය. ශ්‍රවණාබාධිත පිරිස දිගින් දිගටම ඉල්ලා සිටියේ ඔවුන්ගේ භාෂාව පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කර දෙන ලෙසටය. තමන්ගේ භාෂාවට නිසි පිළිගැනීමක් නොමැතිවීම තුළ සාමාන්‍යපෙළින් එහාට තමන්ට අධ්‍යාපනය ලැබීමට නොහැකි වී ඇති බවත්, ඉන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවටද ඔවුහු දුක්ගැනවිලි කීහ. ශ්‍රවණාබාධිත පිරිසගේ ඉල්ලීමට සානුකම්පිතව ඇහුම්කන් දුන් අලවතුවල මෙන්ම තිළිණද ශ්‍රවණාබාධිත පිරිස හමුවේ පොරොන්දු වූයේ ඒ පිළිබදව ජනපති මෛත්රීද දැනුවත් කිරීමෙන් අනතුරුව සුදුසු ක්‍රියාමාර්ගයක ගන්නා බවටය.
ජොනීගේ ආධාරකරුවන්ට කෑම විසවෙයි.
සාමාන්‍යයෙන් මැතිවරණයක් එළැඹෙද්දීම කුරුණෑගල ජනතාවට නම් තවත් සුවිශේෂි දෙයක් පිළිබදව මතකයට නැගෙයි. ඒ ජොන්ස්ටන්ගේ දන්සැල් පිළිබදවය. කන්න බොන්න දී හුරු පුරුදු දේශපාලනඥයෙකු ලෙස නම් දරා සිටින දිවා ආහාරයෙන් සංග්‍රහ කළ ගිය අසංක ඔහු මෙම දන්සැල් නාමයෝජනා භාරදීමටත් පෙර ආරම්භ වී මැතිවරණය නිමවන තුරුම පවත්වාගෙනයාමට ජොනී විසින් පසුගිය සමයේදී වගබලා ගත්තේය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙන්ම , පසුගිය වයඹ පළාත් සභා ඡන්දයේදීත් යහමින් පැවැත්වුණු මේ දන්සැල්වලින් අහරවේලක රස බැලූ ලක්ෂ ගණනක බව කියැවේ. කෙසේවෙතත් ආණ්ඩු බලය පැවැති සමයේ දිවා රෑ නැතිව විවෘතව තැබුණු ජොන්ස්ටන්ගේ දන්සැල් ගැන මෙවර මැතිවරණයේදී නම් සළකුණත්වත් නොවීය. පෙර මැතිවරණවන්වලදී දැඩි ජනාකීර්ණ ස්ථාන බවට පත් ව තිබූ ජොන්ස්ටන්ගේ විල්ගොඩ කාර්යාලය මෙන්ම රත්කරව්ව නිවසද මෙවර බොහෝ සාමකාමී ස්ථානයන් බවට පත් වී තිබිණි. කෙසේවෙතත් ජොන්ටන්ගේ මේ දන්සැල් පිළිබදව කතාබහ යළි ආරම්භ වූයේ පසුගිය සෙනසුරාදා දිනයේදී කෑම විසවීමකින් සිදු වූ අලකලංචියක් හේතුවෙනි. එදින නිකවැරටිය, ඕතොට, දිවුල්ලෑවේදී ජොන්ස්ටන් වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කර තිබුණේ ජොන්ස්ටන්ගේ ආධාරකරුවන් පිරිසක් විසිනි. ජොන්ස්ටන් සහ ජොහාන් දෙදෙනාම පැමිණ රැස්වීම අමතා පිටත් වී ගිය පසු රැස්වීමට පැමිණි පිරිස වෙනුවෙන් දිවා අහාරය පිළිගැන්වීමටත් ජොන්ස්ටන්ගේ ආධාරකරුවන් පිරිස විසින් වගබලාගෙන තිබිණි. කෙසේවෙතත් රැස්වීමට පැමිණ සිටි තුන්සියයකට අධික පිරිස එහිදී දිවාආහාරය ලබාගෙන ඇති අතර පිරිසට තරු පෙනෙන්ට පටන්ගෙන ඇත්තේ දිවා ආහාරයෙන් ටික වේලාවක් ගත වූ පසුවය. දිවා ආහාරය ගත් සියඵදෙනාම පාහේ වමනය දමන්නටත්, බඩේ ආමාරුවලිනුත් පෙළෙන්නටවීම නිසා කෑම විසවීමක් සිදුවූ බව ජොනීගේ ආධාරකරුවන් විසින් වටහාගන්නා විට විය යුතු දේ සිදු වී තිබිණි. අසාධ්‍ය තත්වයෙන් පසු වූ කිහිපදෙනෙකු රෝහල්ගත කරන්නටද සිදු වූ අතර ජොනීගේ බතෙහි රස බැලූ දෙතුන් සියයකටම දින කිහිපයක්ම බඬේ අමාරුවලින් පීඩාවිදින්නට සිදු වූ බව ‘අඵ යට ගිනි’ වෙත වාර්තා වෙයි. ජොනීගේ ආධාරකරුවන් විසින් ජොනීට සහ ජොහාන්ටද දිවා ආහාර ගන්නට ඇරයුම් කර ඇතත් තවත් රැස්වීම් කිහිපයකටම යන්නට නියමිතව තිබෙන බැවින් දිවා ආහාරය සදහා නොසිට එතැනින් පිටත් වී යාම නිසා ජොහාන් , ජොනී පිය පුතු යුවළ මේ අලකලංචියෙන් බේරී ඇත්තේ අනූනවයෙන් බවද මේ දිනවල නිකවැරටිය පැත්තෙන් ඇසෙයි.
අඵත් පරපුර ජවිපෙ සමග වීදී බසියි.
පසුගිය ජනාධිපතිවරණයේදී කුඹුක්ගැටේ නගරයේදී ප්‍රසංගයක් පවත්වමින් සිටි අඵත් පරපුරේ කලා ශිල්පීන්ට එල්ල වූ ප්‍රහාරයත් සමග මුඵ රටේම ඇස් කන් යොමු වූයේ කුරුණෑගල දෙසටය. කුඹුක්ගැටේ ප්‍රහාරයෙන් ලද පන්නරය නිසාදෝ මෛත්‍රී වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි සිටි අඵත් පරපුර මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට දිවා රෑ නොමැති සටනක් ගෙනගියහ. ජනාධිපතිවරණය නිමවීමත් සමග යටපත් වී තිබූ අඵත් පරපුර ගැන කුරුණෑගල ජනතාවගේ මතකය යළි අඵත් වූයේ පසුගිය අගහරුවාදාය. ඒ පසුගිය මැතිවරණයේදි මෛත්රිගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළ අඵත් පරපුර ශිල්පීහු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පැවැති ප්රචාරාත්මක වැඩසටහනකට කුරුණෑගලදී එක්වී සිටීම නිසාය. සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාපා ඇතුඵ අඵත් පරපුර නියෝජනය කරන කලා ශිල්පීහු තිස්දෙනෙකුට ආසන්න පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එදින පුරාම වීදි බැස සිටියහ. බෙර වාදන කණ්ඩායමක් පෙරටු කරගනිමින් කුරුණෑගල නගරය පුරා සැරිසැරූ අඵත් පරපුර කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරගවදින ධර්මප්‍රිය දිසානායක සහ සරත් කරුණාතිලක යන අපේක්ෂකයින් සමග එක් වී ජනතාව දැනුම්වත් කරමින් අත්පත්‍රිකා බෙදා දුන් අයුරු මෙහිදී දැකගත හැකි විය.
” වයඹ අඵ යට ගිනි ” ( අගෝස්තු 13 වැනි බ්‍රහස්පතින්දා)උපුටාගැනීම – මව්බිම පුවත්පත