Saturday, January 18, 2025

පුත්තලම හොල්සිම් සේවක කප්පාදුවක

Must read

vector-illustration-riot-people-grunge-600w-93020218පුත්තලම හොල්සිම් ආයතනයේ ඇසුරුම් අංශයේ සේවය කරන  සේවකයින් පිරිසක් මේ වනවිට ආයතනය විසින් සේවයෙන් නෙරපීමට කටයුතු කර ඇති  බව එම සේවකයින් පවසයි. කොරෝනා ප්‍රශ්නය හමුවේ සේවය නවතා තිබු  හොල්සිම් ආයතනය  නැවත ආරම්භ කරන විට මෙම 91 දෙනාගෙන් 68 දෙනෙකුට පමණක් රැකියා අවස්ථා ලබාදී ඉතුරු සේවකයින්ගේ සේවය අත්හිටුවා තිබේ. මේ සම්බන්ධයෙන් මේ වනවිට සේවකියින් විසින් පුත්තලම පොලීසියට ද පැමිණිල්ලක් කර ඇති අතර තවමත් සේවකයින්ගේ   රැකියා ප්‍රශ්නය විසදීමට පොලිසි ද සමත් වී නොමැත. සිය සේවය අත්හිටුවනවා නම් තමන්ට  සාධාරණ වන්දියක් ගෙවන ලෙස සේවකයින් යෝජනා කර ඇති අතර ආයතනය ගෙවන්නට කැමැති වී ඇති වන්දිය ඉතාමත් අසාධාරණ බව සේවකයෝ පවසති. ආයතනය සැරසෙන්නේ සේවකයන් සෙවයට එක්වූ සේවා කාලයට අනුව වන්දි ගෙවිමට බවත් , ඒ අනුව සේවයට එකතු වී වසර දෙකක් සේවය කළ සේවකයෙකුට හිමිවන්නේ වසරකට ලක්ෂය බැගින් ලක්ෂ දෙකක් බව සේවකයින් පවසයි. එමෙන්ම මෙම සේවය කප්පාදු කර ඇති සියලූම සේවකියින් අලුතෙන් සේවයට එක්වූ අය වන අතර ඔවුන්ට වන්දි ගෙවිම ආයතනයට වාසි සහගත නිසා මේ ආකාරයට ඔවුන්ගේ සේවය අත්හිටුවීමට ආයතනය කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article