(15.46PM) පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බහුලව සිදු කළත් මැතිවරණ නිලධාරීන් සහ පොලීසිය ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක අජිත් ගිහාන් මහතා පවසයි. ඒ මහතා මේ බව පවසන ලද්දේ ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම විසින් මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය 03 වනදා දින හලාවත දි පැවත්වූ අවස්ථාවේදීය. එහදි මහජන දේපල අවභාවිතාව. මැතිවරණය නීතිය උල්ලංගනය කිරීම.රාජ්‍ය නිළධාරීන් ජන්ද කටයුතු වලට සම්බන්ධ කරගැනීම. අලුතින් ඉදිකිරීමට සුදානම් නොරොචිචෝල ගල් අඟුරු බලාගාරය.අරුවක්කාඩු කසල අංගනය.ධීවර ජනතාවගේ හා ගොවි ජනතාවගේ ප්‍රශ්න වගේම පරිසරය විනාශ සම්බන්ධත් මාධ්‍ය වෙත කරුණු ඉදිපත් කල අතර එ සදහා මහාචාර්ය චන්දන අබේරත්න මහතා.අපේක්ෂකයන් වන නිමල් පතිරණ, පියසේන යන දේශපාලන ක්‍රියාකාරීන් සහාභාගි විය.