පුත්තලම කඩුමයන්කුලම් ප්‍රදේශයේ දි හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරුකළ හා ගැවසුණු පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් නිරෝධායනය කිරිමට කටයුතු කරන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි. මේ වනවිට පුත්තලම සහිරා ජාතික පාසලේ කොටසක නිරෝධායන මධ්‍යස්ථානයක් සැකසීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.
ඊයේ (28) කඩුමයන්කුලම් ප්‍රදේශයේදී හමුවු මෙම කොරෝනා ආසාදිතයාගේ පවුලේ උදවිය හා තවත් නිවාස දෙකක පිරිසක් සමඟ මොහු යාඥා සදහා සහභාගි වු දේවස්ථාන තුනක පිරිසක් මෙසේ නිරෝධායකය කිරිමට නියමිත ය.