Saturday, November 23, 2024

පුත්තලමේ කොන්දොස්තරලා 44 ක් ස්වයං නීරෝධායනයේ

Must read

පුත්තලම ඩිපෝවපුත්තලම ඩිපෝවට අයත් මන්නාරම කොළඹ බස් රථයේ කොන්දොස්තර වරයකුට කොවිඩ් ආසාධිතයකු බවට සනාථ වීම හේතුවෙන් පුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්ර වරුන් 44 දෙනෙකු වහාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට  පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම කොවිඩ් ආසාධිත කොන්දොස්තරවරයා පසුගිය  9 දින පුත්තලම ලංගම ඩිපෝවේ පැවති වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයට සහභාගී වී ඇති බවත් එදින නිරෝධායනයට ලක්කළ රියදුරන් හා කොන්දොස්තරවරුන් සමඟ ඇසුරු කර ඇති බව ලංකාදීප පුත්තලම වාර්තාකරු සදහන් කර තිබේ. අදාළ පිරිස  නිරෝධායන නීතිරිති අනුව පුත්තලම ලංගම ඩිපෝවේ බස් රථ යොදා ගනිමින් නිවෙස් වලට යවා නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

 

ඡායාරූපය  උපුටාගැනීම – ලංකාදීප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article