Sunday, November 24, 2024

පුත්තලමේදී හදිසියේ සිහිසුන්වූ අයෙක් රෝහල්ගත කළ පසු මිය යයි

Must read

Death_Picture_EPS

බුලත් අලවි කරන ස්ථානයක් අසල එක්වරම බිම වැටී සිහිසුන්ව ඇති අයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පුත්තලම පොලීසියෙන් වාර්තා වේ.  මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 26 වැනිදා රාත්‍රී 8.30 ට පමණ ව පුත්තලම නගරයේදීය. මිය ගොස් ඇත්තේ පුත්තලම – තම්බපණ්නිය පදිංචිව සිටි මොහොමඩ් ආසික් (අවු:41) නම් අයෙකි. බුලත් මිළදී ගැනීම සදහා යමින් සිටි එම අය එක්වරම බිම ඇද වැටී ඇති බවත්, කඩිනමින් ඔහුව පුත්තලම මූලික රෝහල වෛත ඇතුළත් කළත් හෙතෙම මිය ගොස් ඇති බවත් වාර්තා වේ. මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article