Saturday, January 18, 2025

පුත්තලමටත් කෑම බීම එපා කියයි. ගේදොර හදාගන්න උදව් ඉල්ලයි.

Must read

ගංවතුර හේතුවෙන් අවතැන් වී සිටින පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රමාණවත් තරමට වියළි ආහාර ද්‍රව්‍ය මේ වන විට ලැබී ඇති බැවින් දැන් එම ජනතාවගේ කැඩී බිදී ගිය නිවාස සහ මුළුතැන්ගෙවල් අලුත්වැඩියා කරගැනීම සදහා හැකි නම් උපකාර කරන ලෙසට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එල්.එච්.එම්.චිත්‍රානන්ද මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදුන් හදිසි ආපදා තත්වය හමුවේ එම පිරිස් වෙත මේ දක්වා ආධාර උපකාර කරන්නට ඉදිරිපත් වූ ජනතාවට , සංවිධානවලට සහ ආයතනවලට ස්තූතිය පළ කළ දිස්ත්‍රික් ලේකම්වරයා අවතැන් කදවුරුවල සිට ආපසු සිය නිවෙස් බලා යමින් සිටින ජනතාව දැන් තවත් ගැටලුවකට මුහුණදෙමින් සිටින බවද පැවසීය.

ඔවුන් පදිංචි වී සිටි නිවාස ගංවතුරට හසු වී කැඩී බිදී ගොස් තිබීමෙන් මෙන්ම නිවෙස්වල තිබූ බඩු බාහිරාදිය ගංවතුරට ගසාගෙන ගොස් තිබීම නිසා ආධාර ලෙස ලැබුණු ආහාර ද්‍රව්‍යවලින් කෑම වේලක් පවා සකස්කර ගැනීමට නොහැකි අසරණ තත්වයකට එම ජනතාව යළිත් පත්වී සිටින බවද හෙතෙම පැවසීය.

ගංවතුරට හසුවීම නිසා පුත්තලම් දිස්ත්‍රික්කය තුළ පිහිටි නිවාස 53 කට පුර්ණ හානි සිදු වී ඇති බවත්, නිවාස 148 කට අර්ධහානි සිදුවී ඇති බවත් කී දිස්ත්‍රික් ලේකම්වරයා ඒ අතරින් වැඩිම නිවාස හානි වාර්තා වන්නේ වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයෙන් බවද පැවසීය.

ගංවතුරෙන් හානි වූ නිවාස අලුත්වැඩියා කරගැනීම සදහා යම් අයෙකුට සංවිධානවලට සහ ආයතනයකට මුදලින් හෝ ශ්‍රමයෙන් උපකාර කළ හැකි නම් පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අමතා ඒ පිළිබද තොරතුරු ලබාගන්නා ලෙසටද චිත්‍රානන්ද මහතා ඉල්ලා සිටියේය.

පුත්තලම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දුරකථන අංකය 0322265335

පුත්තලම නලින් හෙන්දුරුගොඩ

puttalama_after_flood puttalama_after_flood8 puttalama_after_flood4 puttalama_after_flood1 puttalama_after_flood7 puttalama_after_flood5 puttalama_after_flood3 puttalama_after_flood2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article