බාගෙට පිළිස්සුණු පිරිමි අයෙකුගේ මළ සිරුරක් බෝක්කුවක් යට තිබී හමුවී තිබේ. 11 වැනිදා පෙරවරුවේ පොලීසියට ලද තොරතුරක් අනුව මෙම මල සිරුර සොයා ගෙන ඇත. මෙම මළසිරුර හමුවී ඇත්තේ පුත්තලම – මන්නාරම මාර්ගයේ ක්වේට් රෝහලට සහ තම්බපණ්නි වතු යායට ආසන්යෙන් ඇති බෝක්කුවක් යටදී වන අතර වෙනත් ස්ථානයක ඝාතනය කර මල සිරුර වාහනයකින් මෙම ස්ථානයට ගෙන විත් දමා කිසියම් ඉන්ධන වර්ගයක් භාවිතා කරමින් ගිනි තැබීම සිදු කර ඇති බවට පොලීසිය සැකකරයි. මිය ගොස් ඇත්තේ කව්රුන්ද යන්න මෙතෙක් හදුනා ගෙන නැත.පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජූඩ් සමන්ත