Saturday, January 18, 2025

පැමිණිල්ලක් විභාග කිරීමට ගිය රාලහාමිට පිහියෙන් ඇනලා.

Must read

knife-attack_policeපැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට එම පැමිණිල්ලේ විත්තිකරු ලෙස නම් කර සිටි බව කියන පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පොලිස් කොස්තාපල්වරයා ඊයේ (08 දා) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගොකරැල්ල පොලිසියේ සුඵ පැමණිලි අංශයේ යටතේ සේවය කළ අජිත්ලාල් ( 49934 ) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි. හෙතෙම රිදීගම, මොරතිහ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි

අසල්වැසි පුද්ගලයෙකු විසින් තමන්ට පහරදී හිංසා කළ බවට ගොකරැල්ල, දොළොස්දාහ, ගල්මුල්ල හන්දිය විහාරස්ථානය ආසන්නයේ පදිංචි කාන්තාවක් විසින් ගොකරැල්ල පොලිසියට කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීම සදහා මෙම පොලිස් කොස්තාපල්වරයා දොළොස්දාහ ප‍්‍රදේශයට ගොස් තිබේ. පළමුව අදාල කාන්තාවගේ නිවසට ගොස් ප‍්‍රකාශයක් සටහන් කරගත් කොස්තාපල්වරයා ඉන් අනතුරුව සැකකාර පුද්ගලයාගේ නිවසට ගොස් තිබේ. පොලිස් කොස්තාපල්වරයා විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ආපසු ඒමට සැරසීමේදී පසුපසින් පැමිණි සැකකරු විසින් තියුණු පිහියකින් කොස්තාපල්වරයාගේ හිසට පහර දී ඇති බව පොලිසිය කියයි. සැකකරු විසින් තවත් වරක් පිහි ප්‍රහාරය කිහිපයක්ම එල්ල කර ඇති අතර පොලිස් කොස්තාපල්වරයා විසින් එය වැළැක්වීමට යාමේදී ඔහුගේ අතක් සහ සහ ඇගිලි කිහිපයක්ද කැපී ගොස් තිබේ. සැකකරුගෙන් ගැලැවී එතැනින් පලා ආ කොස්තාපල්වරයා ලේ ගලන කැපුම් තුවාල සහිතව ත්‍රිරෝද රථයක නැග ගොකරැල්ල පොලිසියට පැමිණ තිබේ. පිහි ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල් අජිත්ලාල් මහතා ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්වයෙන් පසුවීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සැත්කමකටද භාජනය කෙරුණු පොලිස් කොස්තාපල්වරයා මේ වන විට සුව අතට හැරෙමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.

පොලිස් කොස්තාපල්වරයාට පහර දුන් පුද්ගලයා සහ ඊට යොදාගත් පිහියද ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුට එරෙහිව ලිංගික අතවර සහ පහරදීම් සම්බන්ධයෙන් සැකකරුට එරෙහි නඩු කිහිපයක්ම මේ වන විට අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින බවද පොලිසිය කියයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article