Sunday, January 19, 2025

පාසලේදී මදාවිකම් පෑ සාරනාත් සිසුවෝ පහක් පොලිස් කූඩුවේ.

Must read

boys_Fightකුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටින් සිසුවෙකුට දරුණු ලෙස පහර දී තුවාල කළ බවට සැකපිට එම විද්‍යාලයේම 13 වැනි වසරෙහි ඉගෙනුම ලබමින් සිටින සිසුන් පස්දෙනෙකු කුලියාපිටිය පොලිසිය විසින් ඊයේ (31 දා) අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකාර සිසුන් ඇතුඵ පිරිසක් විසින් තම දරුවාට අමානුෂික ලෙස පහර දී ඇති බවට පහරකෑමට ලක් වූ සිසුවාගේ දෙමව්පියන් විසින් කුලියාපිටිය පොලිසිය වෙත කළ පැමිණිල්ලකට මෙම සිසුන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සිකුරාදා පෙරවරු 11 ට පමණ වැසිකිලිය වෙත යමින් සිටි මෙම සිසුවා වටකර ගත් සැකකාර සිසුන් ඔහුට අමානුෂික ලෙස පහර දී ඇති බව දැනට සිදු කළ මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පහරදීමෙන් සුඵ වේලාවකට පසුව ප‍්‍රහාරය එල්ල කළ සිසුන්ගේ මව්පියන් පාසැලට ගෙන්වා ඔවුන් පාසලින් බැහැර කර ඇති බවටත්, පහර කෑමට ලක් වූ තම දරුවා පිළිබදව පාසලෙන් තමන් දැනුම්වත් කළේ පස්වරු 1 ට පමණ බවද පහර කෑමට ලක් වූ සිසුවාගේ මව්පියන් විසින් පොලිසිය වෙත ප‍්‍රකාශ ලබා දී තිබේ. තමන් පාසලට එන අවස්ථාව වන විට තම දරුවා හැදසිටි පාසල් නිල ඇදුම පාසලේ ගුරු භවතුන්ගේ මැදිහත්වීමෙන් සෝදා තිබූ බවත්, නිල ඇදුම පැවැති තත්වය දුටුවහොත් තමන් බියවෙතැයි සිතා ගුරුවරුන් විසින් එසේ කර ඇතැයි පසුව දැනගන්නට ලැබුණු බවද පහරකෑමට ලක්වූ සිසුවාගේ දෙමාපියන් පොලිසිය වෙත ලබා දී ඇති ප‍්‍රකාශයන්හි වැඩිදුරටත් සදහන්ය.

අත්අඩංගුවට ගත් පාසැල් සිසුන් අද අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතව සිටිති.

කුලියාපිටිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරී කපිල කඩුපිටිය, සහකාර පොලිස් අධිකාරී ධර්මසේන රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතාගේ ඇතුඵ නිලධාරීහු විසින් සැකකාර සිසුහු අත්අඩංගුවට ගනු ලැබූහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

ඡායාරූපය –
අන්තර්ජාලෙයන් උපුටාගත් ඡායාරූපයකි. ආදේශක ඡායාරූපයක් ලෙස මෙම ප්‍රවෘත්තියට යොදාගැනීම මිස අදාළ ඡායාරූපය සහ ‍මෙම ප්‍රවෘත්තිය අතර කිසිදු සෘජු සම්බන්ධයක් නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article