Friday, November 22, 2024

පාකිස්තානයේ සිට පැමිණි කොරෝනා ආසාධිත කාන්තාවක් නිරෝධායනයට

Must read

corona virus

(10.28am) කොරෝනා වෛසරය ආසාධනය වී ඇති බවට හදුනා ගෙන ඇති  පාකිස්තානයේ සිට මෙරටට පැමිණි කාන්තාවකට ආ නීරෝධායන ම්‍යස්ථානයක සිටි කාන්තාවක් ප්‍රතිකාර සදහා ඉරණවිල පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.  ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක්වය.

පසුගිය 15 වැනිදා ඇය මෙරටට පැමිණීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා වෙන්නප්පුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකට යොමු කර ඇත.එම නීරෝධායන මධ්‍යස්ථානයේදී පසුගිය 28 වැනිදා සිදු කරන ලද ජෛව සාම්පල පරීක්ෂණයකදී ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.ඒ අනුව ඇයව ප්‍රතිකාර සදහා ඉරණවිල පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කර ඇත.

 

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article