එක්සත් ජාතික පක්ෂයේ ආධාර කරුවන් දෙදෙනෙකුට පහර දී ඔවුන් ගමන් කරමින් සිටි යතුරු පැදියකට අලාභ හානි සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලම පෙලීසිය විමර්ශණයක් ආරම්භ කර ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 28 වැනිදා රාත්රීයේ පල්ලම ප්රදේශයේදීයි. පහර කෑමට ලක්ව ඇති පල්ලම -සිත්තම්පලම් වත්ත ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් 30 වැනිදා පල්ලම පොලීසියට පැමිණිළි කර ඇත.පහර දීම සිදු කළේ සමගි ජනබල වේගය පක්ෂයේ ආධාරකරුවෙකු විසින් බවටද පැමිණිළිකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.