නීරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 22 දෙනෙකුව පුත්තලම පොලීසිය විසින්
පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම – මුල්ලිපුරම් ප්රදේශයේද මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් 19 දෙනෙකු මුදල් ඔට්ටුවට සූදු ක්රීඩාවේ නිරත
වෙමින් සිට ඇත.සෙසු සැකකරුවන් 03 වෙළද සැල් විවෘත කර අලවි කටයුතු සිදු
කර ඇති බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ව පොලිස් ඇප මත මුදා හැර ඇත. ඔවුන්ට
එරෙහිව පුත්තලම මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු
කරන බව පොලීසිය කියයි.
ජුඩ් සමන්ත.