Friday, November 22, 2024

නිවාස හැදීමට ගත් ණයට සහන නොලැබීම ගැන ජනතාව කණස්සල්ලෙන්

Must read

loanනිවාස ඉදි කිරීම සදහා ලබා දී ඇති ණය ආපසු අය කර ගැනීමේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තමන්ට කිසිදු සහනයක් ලබා දී නොමැති බව නිවාස ණය ලාභීන් සදහන් කරයි.
ආර්.ප්‍රේමදාස මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය බිහි විය.දිවයින පුරා සිටින නිවාස නොමැති ජනතාවට නිවාස ඉදි කර ගැනීම සදහා ආධාර සහ ණය ලබා දීම මෙම ආයතනයේ ප්‍රධානතම කාර්ය භාරය විය.
ඒ අනුව පසුගිය සෑම රජයක් යටතේම විවිධ නම් යටතේ නිවාස යෝජනා ක්‍රම මෙන්ම ණය යෝජනා ක්‍රමද ක්‍රියාත්මක විය.
නිවාස ඉදි කිරීම සදහා ලබා දී ඇති ණය මුදල් මාසික වාරික ක්‍රමයට අය කිරීම නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කරණු ලබයි.ඒ වෙනුවෙන් ක්ෂෙත්‍ර නිලධාරීන් පිරිසක්ද යොදවා ඇත.
මුල්‍ය ආයතන සහ බැංකු විසින් ජනතාවට ලබා දී ඇති ණය අය කර ගැනීම සදහා සහන කාලයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගිය දින නියෝග කරන ලදි.ඒ අනුව බැංකු විසින් මාස 03 සහ 06 වශයෙන් සහන කාලයක් ලබා දී තිබුණි.නමුත් එම සහන කාලය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක නොකර ණය වාරික අය කිරීම සාමාන්‍ය ආකාරයට සිදු කරන බව ණය ලාභීන් සදහන් කරයි.ජනාධිපතිවරයාගේ නියෝග මත බැංකු සහ වෙනත් මුල්‍ය ආයතන තම ණය ලාභීන්ට සහන කාලයක් ලබා දී ඇතත් නිවාස සංවර්ධන අධිකාරිය එම සහනය ලබා දී නොමැත්තේ කුමන හේතුවක් මතද යන්න ණය ලාභීන් ප්‍රශ්ණ කර සිටී.
ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නියෝගය බැංකු සහ මුල්‍ය ආයතන වෙත වලංගු වුවත්,එම නියෝගය තම ආයතනයට නිකුත් කර නොමැති වීම මෙම තත්ත්වයට හේතුව බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේය.

 

ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article