Saturday, January 18, 2025

නාත්තන්ඩිය සහ මහවැව ප්‍රදේශ වල ගංවතුර අවධානයට ලක්වූ ඇල මාර්ග සුද්ධ කිරීමට ජා.ජ.බලවේගය මූලිකත්වය ගනියි

Must read

නාත්තන්ඩිය සහ මහවැව ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංවතුර හේතුවෙන් ජලය බැසනොයෑමේ තර්ජන වලට ලක්වූ ඇල පද්ධති සහ මෝය ආශ්‍රිත මෙන්ම ගංගා ආශ්‍රිත පරිසරය පිරිසිඳු කිරීම පසුගිය දින කීපය පුරා නාත්තන්ඩිය ආසනයේ ජන බලවේගයේ ක්‍රියාකාරීන් විසින් සිදුකරන ලදී. මෙම ශ්‍රමදාන කටයුතු ආපදා කළමනාකාරන ඒකකයේ උපදෙස් ඇතිව නාත්තන්ඩිය සහ මහවැව ප්‍රා.ලේකම් කාර්යාල වල රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණය සමග සිදුකළ බව නාත්තන්ඩිය හිටපු ප්‍රා.සභා මන්ත්‍රී (ජවිපෙ) සාගර විජේසේකර මහතා පවසන ලදී. ඒ අනුව වසර 22 කින් පමණ පිලිසකර නොකරන ලද ඉරණවිල ජලය බැස යන කාණු පද්ධතියක් සුද්ද පවිත්‍ර කළ බව ඒ මහතා පවසන ලදී.

ගංවතුර කාලයේදී ජලය බැසනොයන ලෙස අවහිර වන එමෙන්ම තලවිල මෝය කපා වැලි ඉවත්කිරීම, තල්විල අලුවා බෝක්කුව සුද්ද කිරීම, තල්විල නෙරිය පාර ඇල සුද්ද කිරීම, මුහුදුකටුව සෙම්බුකුලිය ඇල මාර්ගය ,දෙමටපිටිය ධම්මිකගම කජුවත්ත ඇල මාර්ගය ආදී ස්ථාන පවිත්‍ර කිරීම් පසුගිය දිනවලදී සිදුකර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article