Saturday, November 23, 2024

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට විසඳන්ඩ බැරි ‘ධම්මිකගම’ පානීය ජල ප්‍රශ්නය ?

Must read

දෙමටපිටිය ප්‍රශ්නය
(11.45am) නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් ධම්මික ගම ප්‍රෙද්ශයේ ඇති කොටස් කළ ඉඩම් වල ‘රෝයල් පාර්ක්‘ හි පදිංචි ජනතාව පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දී තිබේ. මෙම ගැටලුව 2018 වසරේදී නාත්තන්ඩිය ප්‍රාෙද්ශීය සභාවට යොමුකර විසදුමක් බලාපොරොත්තු වි ඇති අතර එහිදී පිරිසිදු ජල ව්‍යාපෘතියක් සම්මත වූ බව ප්‍රෙද්ශවාසීන්  පවසති. නමුත් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය විසින් නැවතත් මෙම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බව දන්වා තිබේ. එයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මෙම භූමියේ ස්වභාවය අනුව ජල කුලුනක් පිහිටුවීම අධික වියදමක් දැරීමට සිදුවනු ඇති බවයි. එබැවින් මෙම යෝජනාව ක්‍රියාත්මක කළ නොහැකි බව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ජනතාව වෙත දැනුම් දී තිබේ.

පහත දැක්වෙන්නේ මෙම ජල ප්‍රශ්නය සම්බන්ධයෙන් ‘දෙමටපිටිය ගමේ අපි ‘ ෆේස් බුක් පිටුවේ ඔවුන්ගේ ප්‍රශ්නය පිළිබද තබා තිබූ සටහනයි.

දෙමටපිටිය ධම්මිකගම “රෝයල් ගර්ඩින්” කොටස් කල ඉඩමේ වෙසෙන ජනතාවගේ  ජල ගැටලුව සදහා ජනතා විමුක්ති පෙරමුන මැදිහත්වී නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පිරිසිදු ජල ව්‍යාපෘතියක් 2018-12-13 සභාසම්මත කරගන්නා ලදි, එහෙත් ඒ පිලිබද කිසිම සාධනීය ක්‍රියාමර්ගයක් නොගත් නිසා අප නැවත කල ඉල්ලීමේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ දෙවනියට වැඩිම ආදායම් ලබන නාත්තන්ඩිය ප්‍රාදේශිය සභාව මේ මිනිසුන් ගැන කිසිම තැකීමක්වත් නොකර මෙම ව්‍යාපෘතිය කල නොහැකි බව අප වෙත දන්වා ඇත. පැවති පලාත් පාලන චන්දයේදී දෙමටපිටිය ධම්මිකගම මුලු වලංගු පාලක චන්ද 895න් 451 ලබාදුන් පාලක පක්ෂය මිනිසුන්ගේ අවම අවශ්‍යතාවන් සදහා මැදිහත්වන  ආකාරය පිලිබද අපි බොහෝ කනගාටු වෙමු. ජලය යනු මිනිස් මූලික අවශතාවයකි. එම අවශතාවයවත් සපුරන් නැති මිනිසුන්ට එරෙහිවත් ඒ අවශ්‍යතාවය මිනිසුන් වෙනුවෙන් ලාබාගන්නට කරන අරගලයට පක්ශ බේදයකින් තොරව අප හා එක්වන ලෙස ඉල්ල සිටිමි.
දෙමටපිටිය ජල ප්‍රශ්නය 3 - Copy දෙමටපිටිය ජල ප්‍රශ්නය 4 - Copy


ප්‍රියාන් අසංක රණවත්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article