9 වැනි වසරේ ඉගෙනුම ලබන සිය පෙම්වතියට ලිංගික අතවරයක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පාසල් සිසුවෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත බැගින් මුදාහරින ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඊයේ නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහැරුණේ කුලියාපිටියේ නගරයේ පිහිටි පාසලක 13 වැනි වසරෙහි ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුගේ පෙම්වතිය බව කියන අදාළ සිසුවියද කුලියාපිටියේ නගරයෙහිම පිහිටි වෙනත් පාසලක 9 වැනි වසරෙහි ඉගෙනුම ලබමින් සිටින සිසුවියකි.
කලක් තිස්සේ පෙම් සබධතාවයත් පවත්වාගෙන යමින් සිටි බව කියන මෙම සිසුවා සහ සිසුවිය පාසල් පැමිණෙන බව පවසමින් පසුගිය 12 වැනිදා උදෑසන නිවෙස්වලින් පිට වී ඇති අතර නගරයේ වෙනත් ස්ථානයකදී ඇදුම් මාරුකරගෙන බස් රථයක නැගී නිකවැරටිය ප්‍රදේශයට ගොස් ආපසු කුලියාපිටිය නගරයට පැමිණ ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුරුව මෙම දෙදෙනා කටුපොත ප්‍රදේශයේ පිහිටි සිසුවාගේ මිතුරෙකුගේ නිවසට ගොස් ඇතත් එහි නවාතැන්දීම නිවැසියන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා හිත්තරපොල ප්‍රදේශයේ වන ලැහැබකට වී මෙම දෙදෙනා එදින රැය පහන්කර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සැකකාර සිසුවා කටුපොත ප්‍රදේශයේ පංදිචි අයෙකු බැවින් සිසුවියගේ දෙමව්පියන් එම ප්‍රදේශයට ගොස් රැයක් පහන්වන තුරුම ඔවුන් පිළිබද සොයාබලා ඇති අතර, හෝඩුවාවක් නොලැබීම නිසා කටුපොත සිට කොළඹ දක්වා ධාවනය බසයක නැගී 13 වැනි දින අඵයම් කාලයේදී කුලියාපිටිය බලා එමින් සිටියදී හිත්තරපොල ප්‍රදේශයේ පාසල් පෙම්වතුන් යුවළද එම බසයටම නැග තිබේ.
එහිදී අදාළ දැරිය තමන් භාරයට ගෙන ඇති සිසුවියගේ මව්පියන් ඇය සමග පැමිණ කුලියාපිටිය පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් අදාළ පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන තිබූ අතර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමුකිරීමෙන් අනතුරුව සැකකාර සිසුවා නාරම්මල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර