Friday, November 22, 2024

‘දෙමුහුන් බඩ ඉරිගු වගාවට සේනා දළඹුවාගෙන් හානිය වැඩියි ‘ පුත්තලම කෘෂිකර්ම නි. අධ්‍යක්ෂකවරිය පවසයි

Must read

03 (1)“ෆෝල් ආම්ස්” නමින් හඳුන්වන සේනා දළඹුවා ලංකාවට ආගන්තුකයකු  නොවන අතර  ආක්‍රමණික පළිබෝධකයකු වේ. 2018 වසරේ මෙම  සේනා දළඹුවාගේ ව්‍යසනය ආරම්භ වී ලංකාවේ බඩ ඉරිඟු වගාවට විශාල හානියක් සිදු විය. පසුගිය කාලයේ මේ පිළිබඳ ගැටලු වාර්තා නොවුණ ද යළිත් වතාවක් සේනා දළඹුවාගේ ප්‍රශ්නය ඇති වී තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු වගාකරන ගොවීන්ගේ බඩඉරිගු වගාවන්  වලට මේ වන විට  සේනා දළඹුවාගෙන් හානි සිදුවන්නට පටන් ගෙන ඇති බව  වාර්තා වේ.
පසුගියදා  මාධ්‍යවේදී  ජූඩ් සමන්ත මහතා  විසින් පුත්තලම  නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරිය තරංගිකා ශ්‍යාමලී මහත්මියගෙන් මෙම සේනා දළඹුවන් මර්ධනය කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන්  අදහස් විමසා ඇත. ඒ අනුව නවගත්තේගම සහ කරුවලගස්වැව ප්‍රදේශ වලින් වාර්තා වී ඇති සේනා දළඹුවා මර්ධනය කිරීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කර ඇති බව ඇය පවසයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ ,
නවගත්තේගම – තම්මැන්නාවැටිය සහ කරුවලගස්වැව – සාලියවැව ප්‍රදේශ වලින් මෙවර සේනා විසින්  පුත්තලම දිස්ත්‍රික්කය තුළ සේනා දළඹුවන් මර්ධනය කිරීමේ ප්‍රගතිය පිලිබදව  නියෝජ්‍ය කෘෂිකර්ම  සේවා අධ්‍යක්ෂිකාදළඹු උවදුර වාර්තා විය. සේනා දළඹුවන් වාර්තා වී ඇති වගා බිම් වලටම ගොස් අවශ්‍ය උපදෙස් ලබා දීම සහ වගාවන් සදහා කෘමි නාශක යෙදීම ඒ ඒ ප්‍රදේශ වල කෘෂිකර්ම උපදේශකයින් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් හරහා සිදු කරන බවයි. මේ වන විට හදුනා ගෙන ඇති ආකාරයට සේනා දළඹු ප්‍රහාරය වැඩි වශයෙන්ම එල්ල වී ඇත්තේ “දෙමුහුන්” බඩ ඉරිගු වගාවන් වලට වන බැවින් ඉදිරි කන්න වලදී දේශීය බඩ ඉරිගු වගා කිරීම සදහා ගොවීන් උනන්දු කිරීමේ වැඩ සටහනක් ආරම්භ කරන බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

කෙසේ වෙතත් වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීන් දෙමුහුන් බඩ ඉරිගු වගා කිරීමට පෙළඹී සිටීම හේතුවෙන් රෝගය පාලනය කර ගැනීම අසීරු වී ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය සදහන් කරන්නීය.

මීට වසර 03 කට පමණ පෙර පුත්තලම දිස්ත්‍රික්කයෙන් සේනා දළඹුවන් වාර්තා වූ අතර,ගොවීන්ගේ සහ නිලධාරීන්ගේ කැපවීම මත මෙවර හානිය අවම කර ගැනීමට හැකිවූ බවද ඇයවැඩිදුරටත් කියා සිටියාය.

09 01 (1)

 

ඡායාරූප – ජුඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article