(8.10pm)කොළඹ ජනප්‍රිය අවන්හලක් දෙමළ බසින් කතා කිරීම තහනම් කර තිඛෙන පුවරුවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය විය.කොළඹ 7 හි හෝර්ටන් පෙදෙසේ ජනප්‍රිය අවන්හලක මෙම තහනම පනවා තිඛෙන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා, සමාජ සංවර්ධන සහ රාජ්‍ය භාෂා සහ හින්දු කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය නිල ට්විටර් පිටුවේ සදහනක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවය උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නිල භාෂා කොමසාරිස්වරයාට නියෝග කර ඇති බවයි.